තවත් LTTE 23 කට නිදහස ?

ත‍්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ සිරදඩුවම් නියම වී සිටින රැඳවූවන් විසිතුන් දෙනෙකුගේ දඬුවම් ලිහිල් කිරීමට නීතිපතිවරයා සමග සාකච්ඡා කළ බව අමාත්‍ය ඞී.එම්. ස්වාමිනාදන් පවසනවා. අදාළ රැඳවූවන් මාස හයක කාලයක් පුනරුත්තාපනය කර සමාජගත කිරීමට අදහස් කරන බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගත් රැඳවූවන් 96 දෙනෙකුට මේ වන විට අධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකර ඇතැයිද මෙහිදී සඳහන් කෙරුණා.

Leave a Reply

Your email address will not be published.