තහනම් උත්තේජක ගත් ලොව අංක එකේ ක්‍රීඩකයින් 25 ක තොරතුරු හෙලිවෙයි

රුසියානු හැකරුන් කණ්ඩායමක් විසින් රටවල් අටක මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් විසි පස් දෙනෙකුගේ රහස්‍ය වෛද්‍ය වාර්තා තොරතුරු හෙළිදරව් කරනු ලැබ ඇති බව ජාත්‍යන්තර තහනම් උත්තේජක භාවිතයට එරෙහි ආයතනය පවසනවා. ජාත්‍යන්තර නීති රෙගුලාසි වලට අනුව තහනම් උත්තේජක ලෙස නම් කරනු ලැබ ඇති ඇතැම් ඖෂධ වර්ග සිය සෞඛ්‍ය තත්වය මත භාවිතා කිරීමට අවසර ලද මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ වෛද්‍ය වාර්තායි මෙම කණ්ඩායම විසින් හෙළිදරව් කොට තිබෙන්නේ.

මෙම මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතර පදක්කම් ලාභී ඇමෙරිකානු, ජර්මානු සහ බ්‍රිතාන්‍ය ජාතිකයෝ ද වනවා. කෙසේ වෙතත් බ්‍රිතාන්‍ය සුපිරි පාපැදි ක්‍රීඩකයන් වන බ්‍රැඩ්ලි විගින්ස් සහ ක්‍රිස් ෆ්‍රෝම් නීති විරෝධී ලෙස එම ඖෂධ භාවිත කළ බවට කිසිදු ඇඟවීමක් හෝ චෝදනාවක් ඉදිරිපත් වී නැහැ.

Simone Biles
ඔලිම්පික් රන් පදක්කම් ලාභී ඇමරිකානු ජිම්නාස්ටික් ක්‍රීඩිකා සිමෝන් බයිල්ස්ගේ වෛද්‍ය වාර්තාද හෙළිදරව් කරන ලද තොරතුරු අතර වනවා.

ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව විසින් රුසියාවට එරෙහිව තරග තහනම් පනවනු ලැබීම වෙනුවෙන් පළි ගැනීමක් ලෙස මෙම හැකරුන් කණ්ඩායම සයිබර් ප්‍රහාර එල්ල කරමින් සිටින බවයි ජාත්‍යන්තර තහනම් උත්තේජක භාවිතයට එරෙහි ආයතනය පවසන්නේ.

රුසියානු රජයේ අනුග්‍රහය ඇතිව එරට මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් තහනම් උත්තේජක භාවිතා කළ බවට හෙළි වූ තොරතුරු මත රුසියාවට මෙවර පැරා ඔලිම්පික් සම්පුර්ණයෙන්ම තහනම් කිරීමට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව තීරණය කළ අතර ඔලිම්පික් තරගාවලියද ඇතැම් රුසියානු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට තහනම් වුණා.

‘ෆැන්සි බෙයාර්ස්’ (Fancy Bears) යනුවෙන් තමන් හඳුන්වා ගන්නා මෙම රුසියානු හැකරුන් කණ්ඩායම පසුගිය අඟහරුවාද මීට සමාන රහස්‍ය තොරතුරු ගොණුවක් හෙළිදරව් කර ඇති බවයි වාර්තා වන්නේ.

3 thoughts on “තහනම් උත්තේජක ගත් ලොව අංක එකේ ක්‍රීඩකයින් 25 ක තොරතුරු හෙලිවෙයි

  • July 21, 2017 at 4:53 pm
    Permalink

    Good post! We are linking to this particularly great content on our website. Keep up the good writing.

    Reply
  • July 21, 2017 at 4:53 pm
    Permalink

    Hello, i read your blog from time to time and i own a similar one and i was just wondering if you get a lot of spam feedback? If so how do you stop it, any plugin or anything you can recommend? I get so much lately it’s driving me crazy so any help is very much appreciated.

    Reply

Leave a Reply

Your email address will not be published.