ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය මානව හිමිකම් කඩන බවට චෝදනා

ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය භාරයේ සිටින සැකකරුවකු හමුවීමට නීතිඥවරයකු ට අවස්ථාව ලබා නොදීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට අද මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබෙනවා.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රැදවුම් භාරයේ ඇති සැකකරුවකුගේ නීතිඥවරයකු ට අවස්ථාව ලබා නොදීමෙන් පොලිස්පතිවරයා මානව හිමිකම් කොමිෂන් සභාව සහ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේදී  ලබා දී ඇති එකගතාවයන් කඩ කර ඇති බවයි සැකකරු වෙනුවෙන් පෙනී සිටින අන්ජන දිනේෂ් නැමැති නීතිඥවරයා සිය පෙත්සමෙන් පවසා ඇත්තේ්‍.
මෙම පෙත්සමෙන් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ ස්ථානාධිපති , ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ අධයකෂකවරයා ඇතුළු පාර්ශවයන් පහක් වගඋත්තරකරුවන් ලෙස නම් කොට තිබෙනවා.
ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ රඳවා සිටින සැකකරුවන් පූර්ව අනුමැතියකින් තොරව හමුවිය හැකි බවට ජනාධිපතිවරයා සහ මානව හිමිකම් කොමිසම නිකුත් කළ මාර්ගෝපදේශවල සඳහන් කර ඇති බව පෙත්සම්කරු පවසනවා. එහෙත් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ රඳවා සිටින සැකකරුවෙකු හමුවීම සඳහා තමන් අවසර ඉල්ලා දින 30ක් ගතවී ඇතත් ඊට අවසර ලැබී නොමැති බව පෙත්සම්කාර නීතිඥවරයා ශ්‍රේෂ්ඨාධිකරණය වෙත දැනුම් දුන්නා.

Leave a Reply

Your email address will not be published.