ත්‍රී ඔන් ත්‍රී නායකත්වය දම්ෂිකට

වයස අවුරුදු 18 න් පහළ ත්‍රී ඔන් ත්‍රී ෆීබා ආසියානු ශූරතාවලිය සදහා ශ්‍රී ලංකා කණ්ඩායම අද දිවයිනෙන් පිටත්ව යනවා. මැලේෂියාවේදී තරගාවලිය ආරම්භ වන්නේ ලබන 22 වනදායි.

දම්ෂික පියසේනගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායමේ ආනල්ඩ් බ්‍රෙන්ට් / වින්සුක සන්නස්ගම සහ තුරින් හපුතන්ත්‍රී සෙසු ක්‍රීඩකයින් ලෙස කටයුතු කරනවා. කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කරන්නේ අජිත් කුරුප්පු මහතායි.

රටවල් 16 ක් තරග වදින තරගාවලිය මෙවර පැවැත්වෙන්නේ දෙවන වරටයි. පසුගියවර තරගාවලියේදී පිලිපීනය ශූරතාව දිනා ගත්තා.

1291494_809287839100439_1961924786_o

Leave a Reply

Your email address will not be published.