තිරිමාන්නගේ ලකුණකට රුපියල් 57000 ක් ක්‍රිකට් ආයතනය ගෙවලා

ලහිරු තිරිමාන්නට පසුගිය වසර තුල ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය රුපියල් මිලියන 57 ක් ගෙවා තිබෙනවා. එය ඔහු වසර තුල රැස්කළ ලකුණු සංඛ්‍යාවෙන් බෙදූ විට එක් ලකුණකට රුපියල් 57,000 ක මුදලක්.

ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය / උප නායකත්වය දැරූ ලහිරු තිරිමාන්න පසුගිය වසර තුල අසාර්ථක වුණා. එහෙත් ඔහුට සංචිතයේ ස්ථානයක් නිරන්තරව හිමිව තිබුණා. මේ හේතුවෙනුයි ඔහුට මෙතරම් මුදලක් හිමිව ඇත්තේ.

මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස්ට පසුගිය වසරේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය රුපියල් මිලිනය 87 ක් ගෙවා තිබෙනවා. එය ඔහු රැස්කළ ලකුණු සංඛ්‍යාවෙන් බෙදූ විට එක් ලකුණකට රුපියල් 27,000 ක ගෙවීමක්.

පසුගිය වසර පුරා නායකයා ලෙස ක්‍රීඩා කළත් මැතිව්ස් ලකුණු අතරට පිවිසියේ නැහැ.

කෙසේ වෙතත් මෙම තත්වය සැලකිල්ලට ගෙන ලබන වසරේ සිට දක්ෂතා දක්වන ආකාරයට මුදල් ගෙවීමට ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා. එමෙන්ම වාර්ශික කොන්ත්‍රාත් මුදල් කපා දැමීමටත් ක්‍රිකට් ආයතනය තීරණය කර අවසන්. ඒ පිලිබද අප පසුගියදා අනාවරණය කළා.

මේ පිලිබද අදහස් දක්වමින් ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා කියා සිටියේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඇතැම් අසාර්ථක ක්‍රීඩකයන්ට ගෙවන මුදල දැනගතහොත් ඔවුන්ගේ කඩුල්ල දැවී පැමිණෙන විට ගල් ගැසීමට පවා ක්‍රීඩාලෝලීන් පෙළඹෙනු ඇති බවයි.

එබැවින් ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයන්ට දක්ෂතා අනුව මුදල් ගෙවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ගෙන ඇති තීරණය තමන් අනුමත කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළා.

එහෙත් නව යෝජනාව අනුව ක්‍රීඩකයන්ට අසාධාරණයක් සිදුවන්නේ නම් ක්‍රීඩකයන් වෙනුවෙන් පෙනී සිටීමට තමන් සූදානම් බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

පෙර ලිපි

ශ්‍රී ලංකා ක්‍රිකට් කොන්ත්‍රාත් මුදල් කපයි – එක් ක්‍රීඩකයකුට ලක්ෂ 75 ක පාඩුවක්

ක්‍රිකට් ක්‍රීඩකයින් තෝරා ගැනීම අවුලක් – ඇමතිත් මැදිහත්වෙයි

Leave a Reply

Your email address will not be published.