තිරුපති වදින්න ගොස් ජනපති වැටුනු අමාරුව

පුද්ගලික සංචාරයක් සඳහා ඉන්දියාවේ තිරුපති කෝවිලට ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා රියදුරු නොසිටීම නිසා අපහසුතාවකට ලක්වූ පුවතක් ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

ජනාධිපතිවරයා සිය පවුලේ සාමාජිකයින් සමඟ තිරුපති කෝවිල වන්දනා කොට නැවත සිය රථය වෙත පැමිණි අවස්ථාවේ වාහනයේ රියදුරු නොසිටීම නිසා මෙම තත්ත්වය ඇතිවුණා. පසුව වෙනත් පුද්ගලයකු රියදුරු අසුනේ ඉද ගනිමින් එම රාජකාරිය ඉටුකර තිබෙනවා.

පසුගිය කාලයේදීම මෙරට විවිධ දේශපාලන බල පෙරලි සහ බල අරගල වලදී දේශපාලඥයින් වදින්න ගියේ තිරුපති කෝවිලයි.

මෙම අවස්ථාවේ වීඩියෝවක් ඉන්දීය මාධ්‍ය මගින් මේ වනවිට ප්‍රචාරය කර තිබෙනවා.

එය පහතින් නැරඹිය හැකියි.

14 thoughts on “තිරුපති වදින්න ගොස් ජනපති වැටුනු අමාරුව

Leave a Reply

Your email address will not be published.