තිලංගට එරහිව නයි මුගටි එකතුවෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපතිවරයකු සහ සභාපතිධූරයට තරග කර පරාජයට පත්වූ ලේකම්වරයකු පසුගිය දිනවල රහස් සාකච්ජා වට කිහිපක් පවත්වා ඇතැයි වාර් තා වනවා. ඒ වත්මන් සභාපති තිලංග සුමතිපාල මහතාට එරහිව මීලග ක්‍රිකට් නිලවරණයට සංධානයක් පිහිටුවීම සදහායි. මෙම සාකච්ජා සිදුකර ඇත්තේ හිටපු සභාපතිවරයාට අයත් රෝගීන් බලන ස්ථානයක බවත් සදහන්.

ක්‍රිකට් විධායක කමිටු සාමාජිකයකු කියා සිටියේ 2018 ක්‍රිකට් නිලවරණය මෙලෙස දැන් සිටම සූදානම් නොවුනහොත් තිංලග සුමතිපාල මහතාව පරාජයට පත්කිරීමට නොහැකි වනු ඇති බවයි. කෙසේ වෙතත් වත්මන් ක්‍රිකට් පරිපාලන පිලිබද බොහෝ දෙනෙකු සිටින්නේ අසතුටෙන්. ඕස්ට්‍රේලියානු ටෙස්ට් තරගාවලිය ජය නොගත්තේ නම් පරිපාලනයට ඉවත්වන ලෙස බලපෑම් එල්ලවන්නට තිබූ බවත් ඔහු කියා සිටියා.

මේ අතර උප සභාපතිවරයකු වත්මන් ජයග්‍රහන සිය ගිණුමට බැරකරගැනීමට මාධ්‍ය දඩයමක නිරතව සිටින බවත් වාර් තා වනවා. ඔහුගෙන් මුදල් ලබන මාධ්‍යවේදීන් කිහිප දෙනෙකු ඉදිරියේදී මෙම උප සභාපතිවරයාගේ වැඩ පිලිබද පිටු පිරවීමට නියමිතයි. එය ද තිලංගට එරහි කැරැල්ලේ එක් පියවරක් වනු ඇති බව සදහන්.

Leave a Reply

Your email address will not be published.