තේරීම් කමිටුව නිරුවතින් උපුල් තරංගට දුන් එක්දින නායකත්වය

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය උපුල් තරංගට ලබාදුන් බව නිවේදනය කර තිබෙනවා. ඒ එළඹෙන සිම්බාබ්බේ සංචාරයේ තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය සදහායි.

මෙම සංචාරයට ශ්‍රී ලංකා නිත්‍ය නායක ඇන්ජලෝ මැතිව්ස් සහ නිත්‍ය උප නායක දිනේෂ් චන්දිමාල් එක්වන්නේ නැහැ. ඒ ආබාධයන්ට ලක්ව සිටීම හේතුවෙන්.

මේ අනුව ටෙස්ට් නායකත්වය තරගාවලියේදී රංගන හේරත්ට හිමිවුණා. එහෙත් එක්දින සංචිතය සදහා නායකයකු පත්කිරීම ගැටළුවක්වයි තිබුණේ.

ඒ අනුව නායකත්වයට උපුල් තරංග සහ උප නායකත්වයට කුසල් ජනිත් පෙරේරා නම්කර තිබෙනවා. උපුල්ට පසුගිය කාලය තුල ශ්‍රී ලංකා කණ්ඩායමේ නිත්‍ය ස්ථානයක් හෝ හිමිවූයේ නැහැ. ශ්‍රී ලංකාව අවසන් වරට ක්‍රීඩා කළ තරගාවලිය වන්නේ ඕස්ට්‍රේලියානු එක්දින තරගාවලියයි. එහි පැවති තරග 5 න් උපුල් තරංග ක්‍රීඩා කළේ එක් තරගයක් පමණයි.

එවන් ක්‍රීඩකයකු ජාතික කණ්ඩායමේ නායකත්වට පත්කිරීම පුදුමයට කරුණක් බව විචාරකයින් පවසනවා. කෙසේ වෙතත් උපුල් ශ්‍රී ලංකා ඒ ඇතුලු කණ්ඩායම් රැසක නායකත්වය හොඹවා තිබෙනවා. නායකත්වයට සුදුසු ක්‍රීඩකයා පසුගිය කාලයේ කණ්ඩායමේ ස්ථානයක් ලබාදීම හෝ සුදුසු නොවීමයි ගැටළුව.

පසුගියදා ක්‍රිකට් පිටියෙන් සමුගත් දිල්හාර ලොකුහෙට්ටිගේ කියා සිටියේ නායකත්වට උපුල් තරංග ඉතාම සුදුසු බවයි. ඔහුට කණ්ඩායමේ ස්ථානයක් හිමිනොවන්නේ ඒ නිසා බවයි ඔහු කියා සිටියේ. උපුල් කණ්ඩායම තුල සාර්ථක වු විට නායකත්වට අභියෝගයක් එල්ලවීම ඊට හේතුව බවයි ඔහු පෙන්වා දුන්නේ. මේ අනුව නායකත්වයේ ඇන්ජලෝ මැතිව්ස් සිටින තාක් උපුල් තරංගට කණ්ඩායමේ ඉඩක් නොලැබෙන බවත් ඔහු කියා සිටියා.

මේ අතර ලබන වසර සදහා කොන්ත්‍රාත් පිරිනැමිමේ ප්‍රමුඛ ක්‍රීඩකයින් 17 දෙනාගේ නම් අතරට ද උපුල් තරංගගේ නම ඇතුලත්ව තිබුණේ නැහැ. ප්‍රමුඛ ක්‍රීඩකයින් 17 දෙනා අතරට පැමිණීමට නොහැකි ක්‍රීඩකයකුට තේරීම් කමිටුව නායකත්වය ලබාදීමත් වත්මන් ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් වල ගැටළු සහගත බව සහ පක්ෂක්ග්‍රාහීබව මනාවට පෙන්නුම් කරනවා.

මේ අතර කළකට පසු වේග පන්දු යවන ක්‍රීඩක නුවන් කුලසේකරටත් සංචිතයේ ස්ථානයක් හිමිව තිබෙනවා.

ශ්‍රී ලංකා කණ්ඩායම පහත දැක්වෙනවා.

Dhananjaya de Silva, Kusal Perera, Niroshan Dickwella, Upul Tharanga (capt), Kusal Mendis, Shehan Jayasuriya, Asela Gunaratne, Sachith Pathirana, Nuwan Kulasekara, Dasun Shanaka, Nuwan Pradeep, Lahiru Kumara, Suranga Lakmal, Lakshan Sandakan, Jeffery Vandersay

Leave a Reply

Your email address will not be published.