දකුණු අප්‍රිකාවේදී ශ්‍රී ලංකාව අසරණ වෙයි

පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 205 කට සීමා කිරීමට දකුණු අප්‍රිකා පන්දු යවන්නන් සමත්වුණා. වේග තණතීරුවේ වාසිය ලබාගනිමින් ශ්‍රී ලංකා ඉදිරිපෙළ කඩුලු ඩහැගැනීමට ඔවුන් සමත්වුණේ මැදි පෙළ සහ පසුපෙළ පිතිකරුවන්ට පීඩනයක් ගෙන දෙමිනුයි. ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වෙමින් ධනංජය ද සිල්වා ලකුණු 43 ක් ඉනිමට එක්කළා. මෙම තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව පළමු ඉනිම සදහා ලකුණු 286 ක් රැස් කළා. මේ අනුව ලකුණු 81 ක් ඉදිරියෙන් සිටිමින් ආරම්භ කළ සිය දෙවන ඉනිම වඩාත් ස්ථාවර කිරීමට ආරම්භක පිතිකරුවන්ට හැකිවුණා.

ස්ටෙෆාන් ලකුණු 117 ක් ලබා ගත්තේ ශ්‍රී ලංකා පන්දු යවන්නන් අසරණ කරමිනුයි. ඔහුට අනගි සහයක් වෙමින් අනෙක් ආරම්භක පිතිකරු එල්ගර් අර්ධ ශතකයක් ලබා ගත්තා. තරගයේ තුන්වන දිනය නිමාවන විට දකුණු අප්‍රිකාව කඩුලු 5 ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 351 ක්. එය ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා ලකුණු 432 ක් ඉදිරියෙන් සිටීමක් වනවා.

මේ අනුව පෝට් එලිසබත් හිදී පැවැත්වෙන තරගයේ වැඩි වාසි දිනාගෙන ඇත්තේ සත්කාරක දකුණු අප්‍රිකාවයි. තණතීරුවේ හැසිරීම අවබෝදයෙන් තොරව ශ්‍රී ලංකා පිතිකරුවන් දෙවන ඉනිමේදීද පිතිකරණයේදී යෙදුන හොත් දකුණු අප්‍රිකාවට ජයග්‍රහණය කිරීම එතරම් අපහසු නොවනු ඇති.

Leave a Reply

Your email address will not be published.