දකුණු අප්‍රිකාව පළමු තැනට ඔසවා තැබූ ශ්‍රී ලංකා ක්‍රිකට්

ශ්‍රී ලංකාව සමග පැවති එක්දින ක්‍රිකට් තරගාවලිය තරග පහට බින්දුවක් ලෙස ජය ගැනීමත් සමග එක්දින ක්‍රිකට් ශ්‍රේණිගතකිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ලංකාවට හැකිව තිබෙනවා. දෙරට අතර පැවති අවසන් එක්දින තරගය දකුණු අප්‍රිකාව ජය ගත්තේ ලකුණු 88 කින්. මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව ලකුණු 384 ක් ලබාගත්තා. ඊට පිලිතුරු ලෙස ශ්‍රී ලංකාව ලබාගත්තේ ලකුණු 296 ක් පමණයි.

කෙසේ වෙතත් මෙම තරගයේදී මංගල ශතකය වාර්තාකරමින් අසේල සටන්කාමී ඉනිමක් ක්‍රීඩා කරමින් සිය මැදපෙළ ස්ථානය තහවුරු කර ගත්තා. එමෙන්ම සචිත් පතිරණ අර්ධ ශතකයක් වාර්තා කරමින් මැදපෙළ ප්‍රවේගකාරී පිතිකරුවකු බව තහවුරු කළා. ඔවුන් දෙදෙනා නවක ක්‍රීඩකයින් ලෙස සිය ස්ථාන තහවුරු කර ගැනීමට සමත්වීම මෙම තරගාවලිය නිමාවන විට ශ්‍රී ලංකාව ලැබූ එකම ජයග්‍රාහණය ලෙස හැදින්විය හැකියි. එමෙන්ම ශ්‍රී ලංකා පන්දු යවන්නන් පිලිබද යලි සිතා බැලීමට හොද අවස්ථාවක්ද මෙම තරගාවලියෙන් උදා වුණා. කිසිදු පන්දු යවන්නකු සාර්ථක නොවීම ඊට හේතුවයි.

Leave a Reply

Your email address will not be published.