දඹුලු විහාරය වහන්න දෙන්නේ නෑ – විහාරාධිපතිහිමි

රංගිරි දඹුලු රජ මහ විහාරය තාවකාලිකව හෝ වසා දැමීමට පුරාවිද්‍යා උපදේශක මණ්ඩලය ගත් තීරණය නීති විරෝධී යැයි රංගිරි දඹුලු රජමහ විහාරාධිපති ආචාර්ය ගොඩගම මංගල හිමිපාණෝ පවසනවා. සාංඝික දේපොළක් වන මෙම විහාරය විහාර දේවාලගම් පනතට අනුකූලව අස්ගිරි පාර්ශ්වයේද නිර්දේශ සහිතව බෞද්ධ කොමසාරිස්වරයා පත් කරන භාරකාර හිමිනමක යටතේ පාලනය වන බව අස්ගිරිය ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේදී ඊයේ (11දා) පැවැත්වූ මාධ්‍ය හමුවකදී උන්වහන්සේ මේ බව කිව්වා. බලය ඉක්මවා තීරණ ගැනීමේ නීතිමය බලයක් පුරාවිද්‍යා උපදේශක මණ්ඩලයට නොමැති බව කී උන්වහන්සේ මෙසේද සඳහන් කළා. විහාර භාරකාරත්වය තවදුරටත් මේ ස්ථානය දිනපතා පූජා කටයුතු වෙනුවෙන් මෙන්ම දේශීය විදේශීය සංචාරකයන් වෙනුවෙන් විවෘත කරන බව මට දැනුම් දුන්නා. එමෙන්ම මෙහි සංරක්ෂණ කටයුතු සිදු කරන්නේ නම් පුරා විද්‍යා නිලධාරීන්ට හා සේවකයන්ට ඒ සඳහා කිසිදු අවහිරයක් නොමැති බවද භාරකාර හිමියන් මට දැනුම් දුන්නා. බෞද්ධ කටයුතු කොමසාරිස්වරයාගේ අනුදැනුම මත විදේශීය සංචාරකයන් වෙනුවෙන් ප්‍රවේශපත් නිකුත් කිරීමද සිදුවෙනවා. යම් සංරක්ෂණයක් සඳහා අයවැයක් අවශ්‍ය වන්නේ නම් එය ලබාදීම සම්බන්ධයෙන් කටයුතු කරන බවද රංගිරි දඹුලු රජ මහ විහාරාධිපති ආචාර්ය ගොඩගම මංගල හිමියෝ මාධ්‍ය හමුවේදී සඳහන් කළා.

රන්ගිරි දඹුලු ලෙන් විහාරය තාවකාලිකව වසා දැමීමට කටයුතු කරන බවට පුරාවිද්‍යා උපදේශක සභාව තීරණය කළ බවට වූ මාධ්‍ය වාර්තා ප්‍රතික්ෂේප කරන බවත්, එවැනි ලිඛිත වාර්තාවක් භාරකාර හිමියන් හැටියට මෙතෙක් තමන්ට ලැබී නොමැති බවත්, දෙස් විදෙස් සංචාරකයන්ට හා බෞද්ධ බැතිමතුන්ට වන්දනා මාන කිරීමට හා දිනපතා සිදුකරන සාම්ප්‍රදායික පුද පූජාවන් හා වත් පිළිවෙත් නිසි පරිදි සිදු කෙරෙන බවත් විහාරය වසා දැමීමට කිසිසේත් ඉඩ නොතබන බවත් රන්ගිරි දඹුලු රජමහ විහාරයේ හා ශ්‍රී විෂ්ණු දේවාලයේ භාරකාර, වළගම්බා මහා පිරිවෙනේ කෘත්‍යාධිකාරි පූජ්‍ය අඹගස්වැවේ රාහුල හිමිපාණෝ ඊයේ (11දා) පෙරවරුවේ ලෙන් විහාරය ඉදිරිපිට මහා සංඝරත්නය හා දායකයන් පෙරටු කරගෙන පැවැත්වූ මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළා.

 

4 thoughts on “දඹුලු විහාරය වහන්න දෙන්නේ නෑ – විහාරාධිපතිහිමි

  • July 24, 2017 at 10:26 am
    Permalink

    For latest information you have to go to see the web and on internet I found this website as a finest web page for most up-to-date updates.

    Reply
  • July 24, 2017 at 10:26 am
    Permalink

    Hello There. I found your blog using msn. This is an extremely well written article. I’ll make sure to bookmark it and return to read more of your useful information. Thanks for the post. I’ll definitely comeback.

    Reply
  • July 25, 2017 at 12:50 pm
    Permalink

    For most up-to-date information you have to visit web and on internet I found this website as a finest site for hottest updates.

    Reply

Leave a Reply

Your email address will not be published.