දැරියන්ට ලිංගික හිංසා කළ බවට චූදිත නිමල් අධිකරණයේදී ඇද වැටෙයි

මානව හා නායකත්ව විද්‍යා පීඨය නමින් මහනුවර හන්තානේ පවත්වාගෙන ගිය නේවාසික පාඨමාලාවකට සහභාගි වි සිටි දැරියන් පිරිසකට ලිංගික හිංසන කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් මහනුවර ව්‍යාපාරික නිමල් පීරිස් නැමැත්තා අගෝස්තු 22 වැනි දා දක්වා රිමාන්ඩ් කිරිමට මහනුවර මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා අද (11) නියෝග කර තිබෙනවා. අත්අඩංගුවට පත්වූ ආයතන ප්‍රධානියා වන චන්දිමාල් ගමගේ සමග ආයතනයේ පාලිකාව ඉමේෂා කුමාරි හා අයකැමිවරිය ද ලබන 22 දක්වා රිමාන්ඩ් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.

රිමාන්ඩ් භාරයට නියම වූ නිමල් පීරිස් ක්ලාන්ත වීම නිසා රෝහල් ගත කළ බවයි වාර්තා වන්නේ. දැරියන්ගේ පාර්ශවය වෙනුවෙන් නීතිඥවරු 11 දෙනෙක් ස්වේච්ඡාවෙන් නඩුව සඳහා ඉදිරිපත් වුණා.

සැකකරුට දේශපාලන සබඳතා හා ඉහළ නිලධාරීන්ගේ සහාය ලැබිය හැකි නිසා නීතිය සාධාරණව ක්‍රියාත්මක කිරීම පිණිස තමන් පෙනී සිටින බවයි ඔවුන් කියා සිටියේ. ඔහු පොලීසියේ ඉහළම නිලධාරියකුගේ සමීපතම මිතුරෙක්. කලක් මෙම පොලිස් නිලධාරියා මහනුවර ප්‍රධාන පොලිස් තනතුරක කටයුතු කළ සමයේ සියළු පහසුකම් සපයා ඇත්තේ මෙම පුද්ගලයා බවයි ඇතමුන් පවසන්නේ. මේ අනුව පොලීසිය සාධාරණ පරීක්ෂණයක් සිදුකරන්නේද යන්න පිලිබද බොහෝ දෙනාගේ අවධානය යොමුව තිබෙනවා.

සැකකරුවන්ව අධිකරණයට රැගෙන එන අවස්ථාවේ අධිකරණය ඉදිරිපිට නිහඩ විරෝධතාවක්ද පැවැත්වුණා. ඒ වැරදිකරුවන්ට උපරිම දඩුවම් ලබාදෙන ලෙස ඉල්ලමින්.

unnamed (1)unnamed (2)unnamed

One thought on “දැරියන්ට ලිංගික හිංසා කළ බවට චූදිත නිමල් අධිකරණයේදී ඇද වැටෙයි

Leave a Reply

Your email address will not be published.