දුමින්දගේ ලෙඩේ ඇමති රවීටත් හැදිලා

මහ බැංකුවේ බැදුම්කර ගණුදෙනු පිළිබඳ සොයා බලන ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටි අමාත්‍ය රවී කරුණානායක මහතා අවස්ථා දෙකකදී කොමිසම හමුවේ පෙනී සිටීමට නොහැකි වීම පිළිබඳව සමාව ඇයද තිබෙනවා. ප‍්‍රශ්න ගත බැදුම්කර ගණුදෙනුව සිදුවන සමයේ මුදල් අමාත්‍යවරයා ලෙස රවී කරුණානායක මහතා කටයුතු කිරීම හා ඔහුගේ සබඳතා පිළිබඳ අනාවරණ වීම හේතුවෙන් ඒ පිළිබඳ ප‍්‍රශ්න කිරීමටයි ඔහු බැදුම්කර කොමිසම හමුවට කැඳවා තිබුණේ. මෙහිදී අර්ජුන් ඇලෝසියස්ගේ ජංගම දුරකතනයෙන් ලබා ගත් වාර්ථාවක්ද නීතිපති දෙපාර්තමේන්තුව කොමිසම හමුවට ඉදිරිපත් කර තිබෙනවා. ඒ අනුව අමාත්‍ය රවී කරුණානායකගේ නම සඳහන් කරමින් අර්ජුන් ඇලෝසියස්ගේ ජංගම දුරකතනයට ලැබී ඇති කෙටි පණිවුඩ සම්බන්ධයෙන් අමාත්‍ය රවී කරුණානායකගෙන් දීර්ඝ වශයෙන් ප්‍රශ්න කෙරුණා. ප්‍රශ්න කිරීම් හමුවේ අමාත්‍ය රවී කරුණානායක සඳහන් කර ඇත්තේ තමන් කිසිවක් නොදන්නා බවයි. මේ අතර අමාත්‍ය රවී කරුණානායක සහ අර්ජුන් ඇලෝසියස් අවස්ථා 13කදී එකම අවස්ථාවන්හීදි සිංගප්පූර්වේ රැඳී සිට ඇති බවද කොමිසම හමුවේ අනාවරණය කර තිබෙනවා. ඒ නීතිපති දෙපාර්තමේන්තුව අමාත්‍ය රවී කරුණානායක මහතාගේ සහ අර්ජුන් ඇලෝසියස්ගේ ගුවන් ගමන් බලපත්‍ර වාර්තා ලබා ගැනීමෙන් පසු ඉදිරිපත් කළ වාර්තාවකින්. මෙම අවස්ථා 13 න් එක් අවස්ථාවකදී හෝ දෙදෙනා සිංගප්පූර්වේදී හමුවූයේ දැයි කොමිසම අමාත්‍ය රවී කරුණානායකගෙන් ප්‍රශ්න කර සිටියා. එහිදී අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ ඒ පිළිබඳව තමන්ට කිසිවක් මතක නැති බවයි.

තමා බලය ලබා ගත්තේ යහපාලනය ගෙන ඒමට ද යන්න නීතිපති දෙපාර්තමේන්තුවේ  නීතිවේදියෙක් ප්‍රශ්න කළ අවස්ථාවේ දී අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ  තමා වැනි බලවත් ඇමතිවරයෙකු ගෙන්වා මෙසේ ප්‍රශ්න කිරීමට හැකියාවක් ලැබී ඇත්තේ යහපාලනය නිසා බවයි. අනතුරුව දිවා ආහාරය වෙනුවෙන් භාණ්ඩාගාර බැඳුම්කර නිකුත්කිරීම පිළිබඳ පරීක්ෂා කිරීමේ සහ විමර්ශනය කිරීමේ ජනාධිපති විමර්ශන කොමිෂන්  සභාවේ කටයුතු අත්හිටුවනු ලැබුවා.

නීතිපති දෙපාර්තමේන්තුවේ පිරිස් ආණ්ඩු පක්ෂයේ සිටියදී මෙන්ම විපක්ෂයේ සිටියදී ද තමන්ව අපහසුතාවට පත් කිරීමට උත්සාහ දැරූ බව විදේශ අමාත්‍ය රවී කරුණානායක පවසනවා. සාක්ෂි ලබා දීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේබව සඳහන් කළා. තමන්ව සම්බන්ධ කර ඇති නිවස ගැන තමන් ද දැන ගත්තේ මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ විමසූ අවස්ථාවේදී බව ද විදේශ අමාත්‍ය රවී කරුණානායක මහතා එහිදී කියා සිටියා.

10 thoughts on “දුමින්දගේ ලෙඩේ ඇමති රවීටත් හැදිලා

  • August 19, 2017 at 1:25 pm
    Permalink

    I found this on Instagram I am reading your website while camping. I have added your blog to my Facebook I have been surfing on-line more than 3 hours today.

    Reply
  • August 24, 2017 at 2:03 am
    Permalink

    You appear to know a lot about this. Any additional suggestions or hints? Now I feel stupid. Kudos.

    Reply
  • August 24, 2017 at 3:31 pm
    Permalink

    A lot of stuff to take into consideration. Crazy strange, when I opened my phone this website was already loaded. Colors seem brighter when you are around. I am trying to learn more about this topic.

    Reply
  • August 25, 2017 at 5:57 am
    Permalink

    A good article. Just wanted to say fantastic blog! Thx again. My bff introduced me to your articles.

    Reply
  • August 26, 2017 at 2:07 am
    Permalink

    Thank you. Can you tell us more about this? That is a smart way of thinking about it. I never discovered any attention-grabbing article like yours. good post, thanks a lot.

    Reply
  • August 26, 2017 at 5:49 pm
    Permalink

    I simply stumbled upon your wewrite up and wished to mention that I have truly enjoyed surfing around your blog posts. When I started my computer this site was running. Guess I will just book mark this website.

    Reply
  • August 30, 2017 at 2:55 am
    Permalink

    I love articles like this one but I find myself spending hours simply browsing and reading. I could not help myself from commenting.

    Reply
  • Pingback: juegos friv

Leave a Reply

Your email address will not be published.