දුමින්දට මරණ දඩුවම දුන්නේ මෛත්‍රීපාල ජනාධිපතිතුමා නිසයි – හිරුණිකා හඩමින් කියයි

ආර් දුමින්ද සිල්වා ඇතුලු පස් දෙනෙකුට භාරත ලක්ෂ්මන් මහතා ඝාතනය කිරීම සම්බන්ධයෙන් මරණ දඩුවම නියම කරනු ලැබුවේ නව රජයක් පත්වීම හේතුවෙන් බව පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පවසනවා. කෙසේ වෙතත් කෙනෙකුගේ දුකේදී සතුටුවීමට තරම් අමානුෂික නැති බවයි ඇය කියා සිටියේ. මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ලෙස කටයුතු කළ සමයේ මෙම නඩුවේ සාක්ෂිකරුවන්ට බලපෑම් තිබූ බව අවස්ථා ගණනාවක ප්‍රකාශ වුණා. එහෙත් ජනාධිපති ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතා පත්වීමෙන් පසු එම බලපෑම් යටපත්ව ගියේ දුමින්ද සිල්වා මහතාට පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්වීමේ අවස්ථාවද අහිමි කරමින්.

හිරිණිකා පළකල අදහස් පහතින්.

“ආණ්ඩුව වෙනස් වුණේ නැතිනම් සමහරවිට මේ තීන්දුව වෙනස් වෙන්න ඉඩ තිබුණා. අලුත් ජනාධිපතිකෙනෙක් මේ රටට ඇවිල්ලා නීතියේ ස්වාධිපත්‍ය ආරක්ෂාවුණ නිසා තමයි හරි තීන්දුවක් ලැබුණේ.

සතුටු වෙන්න බෑ. මොකද හැම කෙනාටම ලබාදුන්නේ මරණ දඩුවම.

තව කෙනෙක් දුක්වෙන එක දිහා බලලා සතුටුවෙන්න තරම් අමානුෂික නෑ අපි. අසාධාරණයක් වුණා.

අදටත් අපි දුක්විදින් නැති දවසක් නෑ. අදටත් ගෙදර ගියොත් තාත්තගේ කටහඩ ඇහෙනවා වගෙයි.”

Leave a Reply

Your email address will not be published.