දේශපාලකයින්ගේ කණට ගහපු දිරිය යුවතියන්ගේ යකඩ පාලම

නෙළුව අහස කොහොමත් ඉන්නේ හඬන්නටම බලාගෙනය. කලාතුරකින් අතුපතරින් සීරුවට එබෙන හිරු කිරණ නෙළුව ගම්මානවලට එළිය ගෙනෙන අතර සංචාරකයන්ගේ නොමඳ අශ්වාදයට ලක්වූ සිංහරාජය පිහිටා තිබෙන්නේ නෙළුවේ තීරුවකටද අසිරිය ගෙනෙමින්.
කොයි කෙසේ වෙතත් මේ ගම්මානවල ජන ජීවිත සොබාදහමේ අරගලයන් මැද ගලා යමින් පවතින ඒවායි. හාත්පිටිය ගමේ ජනයාද ගෙවන්නේ විටෙක සොබාදහමත් සමඟ අරගල කරන තවත් විටෙක සොබාදහම සමඟ පයුරුපාසානම් පවත්වන ජීවිතයක්.

හරහට බැඳි පුවක් ඒ දණ්ඩෙන් ඉහළට දෙගොඩ තළා යන ජල කඳ එගොඩ මෙගොඩ ගිය මිනිසුන්ගේ ඇස්ද තෙත් කරන්නට සමත්. අහස බෙරිහන් දී හඬන හැම විටෙකම හාත්පිටිය ගමේ මිනිසුන්ටද ගෙනාවේ කඳුළුමයි. වසර ගාණක් මුළුල්ලේ විටින් විට අලුත් කරන පුවක් දඬු ඒ දණ්ඩක් මත ජීවිත සටනට එහෙ මෙහේ ගිය ගැමියෝ සුසුම් ලමින් හිටියේ දෙගම් යා කරන පාලමක් කවදාක ඉදිවේදැයි කියායි.

මැතිවරණ කාලයට නිරන්තර එන යන දේශපාලකයෝ සුන්දර බොරු ආලවට්ටම් දමා හාත්පිටිය ගමේ මිනිසුන්ට “පාලමක” බලාපොරොත්තු දැල්වූවා.

එහෙත් ඒ සියල්ල “ඇල්ලව ‍දොලේ” ගලා යන දිය කඳට හසුව සැඟව ගියා.

“අපි දුප්පත් මිනිස්සු. එතකොට මම තුනේ පන්තියේ. මහ වැස්ස වැටෙමින් තිබුණා. ඇල්ලව ‍දොලේ වැටුණේ මගේ තාත්තා. එයා එදා හැන්දෑවේ ගියේ ගෙදරට කන්න මුකුත් ගේන්න කඩමණ්ඩියට. එහෙම ගිය තාත්තා ආපහු ආවේ නෑ. එයා ‍දොලේ වැටිලා මැරුණා.”
එහෙම කීවේ දිල්කි මධුශානී සේනානායකයි.
මේ සියලු සංවේදනා කලක් තිස්සේ උසුලාගෙන සිටි අෑ තවත් තරුණියන් දෙදෙනකු කැටුව “ලොකු සිහිනයක්” දුටුවාය.
ඒ “ගමට පාලමක්” තැනීමේ සිහිනයයි.

එගොඩ මෙගොඩ පරතරය අඩි 68කි. එහෙව් පරතරයක් යා කෙරෙන පාලමක් හැදීමට සිතීමත් මොන තරම් අසීරු සිහිනයක්ද? එදිනෙදා කුලියක් මලියක් කොට ජීවිත ගැටගසා ගන්න ගමක දරුවන් එහෙම සිහිනයක් දැකීමම එක් අතකට අරුමයක්. එහෙත් “සිහින දකින්නට අයිතියක්” තිබෙනවා. වඩා වටින්නේ ඒ සිහින සැබෑ කර ගැනීමයි.

හාත්පිටිය ගමේ යෞවන සමාජයක් තිබෙනවා. එය “රිදී තරු”. රිදී තරු යෞවන සමාජයේ දිල්කි දැන් ගමේ යෞවන සමාජයේ සභාපතිනිය යි. සිහිනයක් දැක ඒ ඔස්සේ දිවයන්නේ නම් ඊට ඇවැසි පාර හැදේ යැයි කියමනක් තිබෙනවා.

“තාත්තා නැති වෙච්ච දවසේ මම හිතුවා කවදහරි පාලමක් හදනවාමයි කියලා. මගේ තාත්තා නැති වුණු වේදනාව මම දන්නවා. තවත් දරුවන්ගේ තාත්තලා මේ දොල බිලිගන්නවා දකින්නට මට ඕන වුණේ නෑ.” අන්තිමට අෑ ඇතුළු පිරිස ඒ සිහිනය ජය ගත්තා.

“අපි අපේ ගමේ යෞවන සමාජය ජාතික තරුණ සේවා සභාව” යූත් විත් ටැලන්ට්” කියන වැඩසටහන ආරම්භ කළා. ඒක අපේ ගමට ලොකු ශක්තියක් වුණා. දිල්කි වැඩසටහනේ ඇරඹුම ගැන එහෙම කියනවා.

“යූත් විත් ටැලන්ට් යනු ජාතික තරුණ සේවා සභාව ආරම්භ කළ නවමු ව්‍යාපෘතියක්. ඒ හරහා අපේක්ෂා කරන්නේ යෞවන සමාජ තරුණ ප්‍රජාව සම්බන්ධ කොටගෙන ව්‍යාපෘති 1500ක් ක්‍රියාවට නැංවීමයි. ඒ සමස්ත ව්‍යාපෘතිය වෙනුවෙන් මිලියන 112ක් වෙන් කොට ඇති අතර එක් යෞවන සමාජයකට රුපියල් 75,000 ක මුදලක් ලබා දෙනවා. ඒ මුදල යොදාගෙන තරුණ දායකත්වය ඇතිව වඩා ඵලදායී ව්‍යාපෘතියක් නිම කිරීමට යෞවන සමාජයට උපදෙස් දී තිබෙනවා.

දිල්කිලා භාර ගන්නේ මේ අභියෝගයයි.

“යූත් එකෙන් දෙන 75,000 ගන්න කලින් අපි විධිමත් ව්‍යාපෘති වාර්තාවක් දෙන්න ඕන. ඒ වාර්තාව අධ්‍යයනය කරලා තමයි අපිට ඒ මුදල දෙන්නේ. මේ පාලම නිම කරන්න ලක්ෂ 35ක් යනවා. ලැබෙන්නේ 75,000යි. මේකම අභියෝගයක්. අපේ යෞවන සමාජය හරිම ක්‍රියාකාරීයි. අපේ යෞවන සමාජයේ සාමාජිකයෝ 30යි ඉන්නේ. වැඩි පිරිස ගෑනු ළමයි. හැම කෙනෙක්ම ජීවිතය, දුක, පීඩාව වගේම අභියෝගවලටත් ඔට්ටුයි. සමහරු මේක හීනයක් විතරක් බවත් කීවා. ඒත් අපිට තිබුණා අරමුණක්. කොහොම හරි අපේ ව්‍යාපෘතියට අනුමැතිය ලැබුණා.”

මේ යුවතියෝ ගම පුරා ගොස් තම සිහිනය කියන්නට වූණා.

” මේ වගේ වැඩ ආණ්ඩුවකටවත් කරන්න බෑ. කී දෙනෙක් පාලම හදනවා කීවද? මේක අමාරුයි. කරන්න බෑ. කළු ගලේ ඔළුව ගහගන්න එපා. ඔච්චර ලොකු වැඩක් කරන්න පුළුවන්ද. පිස්සුද. තියෙන දෙයක් කාලා ඉන්න. උඹලා කෙල්ලෝ”
එහෙම කීව අය බොහෝමයි. ඒ සියල්ල දිල්කිලා තුට්ටුවකට මායිම් කළේ නැහැ. ඔවුන් දුටුවේ එක සිහිනයක්. ඒ පාලමක සිහිනය පමණයි. යෞවන සමාජයේ ලේකම්වරියත් තරුණියක්.

අෑ සඳුනි ලහිරුකාය.

“අනෙක් අභියෝගය තමයි මේ ව්‍යාපෘතිය දින අනූවකින් ඉවර කරන එක. එහෙම නොකළොත් අසාර්ථක ව්‍යාපෘතියක් වෙනවා. තරග කරන්න අපිට ඕන වුණේ නෑ. ඒත් අපිට පාලමක් ඕන වුණා. ඒ වෙනුවෙන් වින්ද දුක අප්‍රමාණයි.”
යෞවන සමාජයේ වාසනා තෙත බරිත දෙනෙත් ඇතිව කියා සිටියා.

සමහරු කීවේ පාලමෙන් එගොඩ වෙනවාට වඩා වැඩ මෙගොඩ තිබෙන බවයි. ඇල්ලව ‍දොළ සීමා දමා තිබෙන්නේ “උඹලාගේ ජීවිත උරුම හාත්පිටිය ගමට” පමණයි කියා සේය. ඇතැම්හු ඒක ඉරහඳ සේ විශ්වාස කළා.

මේ යුවතියෝ අභියෝග කළේ එකී “හිස් හීන මානයටය.”

“අපි රෑ දවල් වෙහෙසුණා. ටිකට් ගහලා වික්කා. ගෙයක් ගාණේ ගියා. තේ ෆැක්ටරි ගාණේ ඇවිද්දා. ලක්ෂ එකහමාරක් එහෙම එකතු කර ගත්තා. තේ දලු නෙළන අම්මෙක්ගේ දවසක ආදායම රුපියල් 500ක් වගේ. එහෙව් අම්මලා පවා අපිට උදවු කළා. සමහරු අමුද්‍රව්‍ය දෙන්න එකඟ වුණා. ඒත් තව ලක්ෂ 33කට වඩා ඕන. රැයක් දවාලක් ගෙවෙනවා අපි දැනගෙන හිටියේ නෑ. වෙහෙස මොනතරම් වුණත් අපි ඒ ගැන හිතුවේ නෑ. අපි විශ්වාස කළේ අපේ ආත්ම විශ්වාසය විතරයි. ටික ටික හැමෝම අපේ පැත්තට හැරෙන්න ගත්තා. අපි නොනවතින බව එයාලා හිතන්න ඇති.” දිල්කි එහෙම කියන්නේ අභිමානයෙන් වගේම හැඟුම්බරවයි.

පසුගිය වසරේ අගෝස්තු 13දා ඔවුහු සිහින පාලමේ කටයුතු ආරම්භ කළා. දවස් ගෙවෙමින් තිබුණා. අප්‍රමාණ අභියෝග එක පිට පැමිණුනා. අනෝරා වැසි වැටිණා. කාසි මිල මුදල් හිඟකම කෙළවරක් නැතුව දැනිණා. කුසගින්න, වෙහෙස, පීඩාව, උපහාස සියල්ල නොඅඩුව ලැබුණා.

“මේ ඇස්වලට කඳුළු එන සිහිනයක්. වෙච්ච වෙහෙස කියන්න වචන හරි දුප්පත්. කැපවීමට කියන්න තියෙන වචන මොනතරම් දුප්පත්ද කියලා හිතෙන්නේ මේ වෙහෙස ඇස්වලින් දැක්ක නම් විතරයි. ලොකුම වෙහෙසක් දැරුවම ඒක කියන්න බෑ. ගොළු වෙනවා. අපිත් එහෙමයි. අපි මේකට නම තිබ්බේ “දහදියේ රියලිටිය” කියලා. මේ ව්‍යාපෘතියේ හැම වැලි කැටයක් ගාණේම තියෙන්නේ කැපවීම සහ දහදිය මහන්සිය”

“කොහොම හරි අපි අපේ ඉලක්කයට එමින් තිබුණා. නොවැම්බර් 12 අපි අඩි 68ක් දිග අඩි 6 1/2ක් පළල පාලම හැදුවා. අපි එක්ක තරුණ සේවා සභාව හයියට හිටියා. තරුණ සේවා සභාවේ සභාපති එරන්ද වැලිඅංග මහතා අපිට ශක්තියක් වුණා. ගාල්ල දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ මහින්ද මහත්මා, නෙළුව තරුණ සේවා නිලධාරි දීපාල් මහත්මයා, ගමේ ග්‍රාම නිලධාරි ජගත් රංජි මහතා ඇතුළු බොහෝ දෙනෙක් අපිට මඟ පෙන්නුවා.” ඒ දිල්කිගේ හැඟීමයි.

රුපියල් 75,000ක ආධාරය මිලියන තුනක් ඉක්මවූ ව්‍යාපෘතියක් බවට නිර්මාණය වී තිබුණා. ඒ දණ්ඩ වෙනුවට අඩි 68ක් දිග පාලම උදාරම් ලීලාවෙන් දෙගම් යා කොට තිබෙනවා.

ගාල්ල දිස්ත්‍රික් තරුණ සේවා සභාවේ සහකාර අධ්‍යක්ෂ විතාරණ ශාන්ත්‍රිගේ මහින්ද මහතා කියන්නේ මෙවැන්නක්.

“ලංකාවේ යෞවන සමාජ 12600කින් යෞවන සමාජ 1500ක් පමණයි “දහදියේ රියලිටි” අභියෝගය භාර ගත්තේ. ගාල්ලේ විතරක් ව්‍යාපෘති 88ක් ක්‍රියාත්මකයි. ඒ 88න්ම මේ වන කොට පළමු තැන අරන් ඉන්නේ නෙළුව හාත්පිටියේ මේ දරුවෝ කරපු “පාලම” ව්‍යාපෘතියයි.”
“මේක විශ්වකර්ම වැඩක්. යෞවන සමාජයේ හැමෝම වගේ තරුණියෝ. මමත් මුලදී හිතුවෙ නෑ මේ දරුවෝ මේක කරයි කියලා. මේක විශ්මයක්.”
මහින්ද මහතා විමතියෙන් පවසුවා.

පාලම නිම කළ මේ දරුවෝ ඉන් නැවතුණේ නෑ. පාලම අසල නාන තොටුපොළක්, විවේකාගාරයක්, පාලමට ප්‍රවේශ මාර්ගයක් යනාදී සියල්ල ඔවුන් නිම කොට තිබෙනවා.

“අපි රටට පෙන්නුවේ එක දෙයයි. ඒ තමා අපිට කරන්න බැරි මොනවද කියන එක” දිල්කි දිරිමත් සිතින් අන්තිමට එහෙම කිව්වා.

 

28 thoughts on “දේශපාලකයින්ගේ කණට ගහපු දිරිය යුවතියන්ගේ යකඩ පාලම

  • July 21, 2017 at 1:57 pm
    Permalink

    Greetings from Idaho! I’m bored at work so I decided to check out your site on my iphone during lunch break. I really like the knowledge you present here and can’t wait to take a look when I get home. I’m shocked at how quick your blog loaded on my mobile .. I’m not even using WIFI, just 3G .. Anyways, very good blog!

    Reply
  • July 21, 2017 at 1:57 pm
    Permalink

    Hi it’s me, I am also visiting this site regularly, this web site is really nice and the viewers are in fact sharing pleasant thoughts.

    Reply
  • July 21, 2017 at 1:57 pm
    Permalink

    Thanks a bunch for sharing this with all people you really know what you are talking about! Bookmarked. Kindly also consult with my site =). We could have a link trade contract between us

    Reply
  • July 24, 2017 at 9:05 am
    Permalink

    What’s up everyone, it’s my first visit at this site, and article is genuinely fruitful in support of me, keep up posting these posts.

    Reply
  • July 24, 2017 at 9:06 am
    Permalink

    I’m not that much of a internet reader to be honest but your sites really nice, keep it up! I’ll go ahead and bookmark your website to come back later. All the best

    Reply
  • July 24, 2017 at 9:06 am
    Permalink

    Your way of explaining the whole thing in this post is in fact nice, every one can effortlessly know it, Thanks a lot.

    Reply
  • July 24, 2017 at 9:06 am
    Permalink

    Fastidious replies in return of this difficulty with solid arguments and describing the whole thing concerning that.

    Reply
  • July 26, 2017 at 4:19 pm
    Permalink

    I am not sure where you’re getting your information, but great topic. I needs to spend some time learning much more or understanding more. Thanks for wonderful info I was looking for this info for my mission.

    Reply
  • July 26, 2017 at 4:20 pm
    Permalink

    I was suggested this blog by way of my cousin. I am now not sure whether this submit is written by him as no one else understand such designated about my trouble. You are amazing! Thank you!

    Reply
  • July 26, 2017 at 4:20 pm
    Permalink

    Hello to every body, it’s my first visit of this web site; this website carries amazing and truly fine stuff in favor of visitors.

    Reply
  • August 19, 2017 at 4:29 pm
    Permalink

    I bet seasoned Tumblr experts would like your posts. You could survive a Zombie apocalypse. I have been looking everywhere for this! Your blogs is cool! Keep up the magnificent quality writing, it is rare to see a nice page like this one these days.

    Reply
  • August 24, 2017 at 2:21 am
    Permalink

    You remind me of my bff. You have the best ideas. I am going to follow you on Google. Are you pretty active on Blog? good post!

    Reply
  • August 24, 2017 at 12:26 pm
    Permalink

    I enjoyed your post. I truly feel this site needs a great deal more followers I enjoy the details you provide here. You have brought up a very superb ideas

    Reply
  • August 26, 2017 at 5:19 am
    Permalink

    Is there new info. There are certainly a lot of details to take into consideration. I love articles like this one but I find myself spending hours simply browsing and reading. My roomate would like to be a master in this subject someday.

    Reply
  • August 26, 2017 at 7:09 am
    Permalink

    That is the thinking of a creative mind. I check your posts every few days. My uncles trying to discover more on this topic. You are a very persuasive writer. I would like to be a mentor in this topic someday.

    Reply
  • August 28, 2017 at 1:23 pm
    Permalink

    I have been surfing on-line more than 3 hours today. I am impressed, I need to say. I enjoy the information you provide here. You have a great sense of humor. I simply must tell you that your write ups are really great.

    Reply
  • August 29, 2017 at 1:23 am
    Permalink

    I never discovered any attention-grabbing article like yours. Your website has a kind of aura about it. You should be thanked more often. So thank you!! I hate that my browser battery is dying. I discovered your articles via Website while searching for a related topic, your website came up and I am so glad it did

    Reply
  • August 29, 2017 at 9:13 am
    Permalink

    Just wanted to say fantastic blogs! Your writing style reminds me of my roomate. I am hoping you write once more very soon! it is like you wrote the book on it or something.

    Reply
  • Pingback: besser schlafen

  • Pingback: DMPK

  • Pingback: Corporate Event Managers in Hyderabad

  • September 25, 2017 at 2:03 am
    Permalink

    It’s actually a cool and helpful piece of information. I am happy that you shared this helpful information with us. Please keep us up to date like this. Thanks for sharing.

    Reply
  • Pingback: Home Page

Leave a Reply

Your email address will not be published.