නරුම ලේලී මාමාට කළදේ

සමසේ දරුවන් හත්දෙනාට දේපල බෙදා නොදුන් බව පවසා ලේලියක් තමන්ට පහරදුන් බව වයෝවෘද්ධ පියෙකු පවසා තිබෙනවා. පොල්ලකින් පහරදී බිම වැටුනු පසු බෙල්ල පෑගූ බවයි පියා පවසා ඇත්තේ.

දරුවන් හත්දෙනෙකුගේ පියෙකු වන ඔහුට මෙම පහරදීම සිදුකර ඇත්තේ හතරවන දරුවාගේ බිරිද බවයි පොලීසියට පවසා ඇත්තේ.

මෙම පියා මේ වන විට කෑගල්ල මහ රෝහලේ ප්‍රතිකාර ලබනවා. සිරුර පුරා තැලුම් තුවාල ඇති බවයි රෝහල් ප්‍රකාශකයකු කියා සිටියේ.  පියාගේ වයස අවුරුදු 81 ක්.

සිදුවීම පිලිබද කෑගල්ල පොලීසිය පරීක්ෂණ පවත්වනවා.

Leave a Reply

Your email address will not be published.