නලීන් බණ්ඩාරට යකෙක් ගහලා

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා අත්භූත සිදුවීමකින් බිම වැටී මුහුණ තුවාල වී තිබෙනවා. සිකුරාදා අලුයම 3 ට පමණයි ඔහු මෙම සිදුවීමට මුහුණ දී ඇත්තේ.

ඒ නුවර එලියේ පිහිටි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නිල නිවාසයේදීයි.

සිදුවීම පිලිබද මන්ත්‍රීවරයා මෙලෙස අදහස් පළකළා.

සිකුරාදා අලුයම 3 ට පමණ මම හිටපු කාමරේ නාන කාමරයට ගියා. එතනදි කවුද එක පාරටම මාව පිටිපස්සෙන් තල්ලු කළා. මම බිම වැටුනා. මුහුණ තුවාල වුණා. කාමරය ලොක් කරල හින්ද කාටවත්ම ඇතුලට එන්න බෑ. සිද්ධියෙන් පස්සෙ හොයල බැලුවත් කවුරුවත්ම හම්බවුනේ නැහැ. මේක හිතාගන්න බැරි අත්භූත සිදුවීමක්. කිසියම් භූත බලවේගයක් මාව වැට්ටුව කියල 100 ට 100 ක් මට විශ්වාසයි. මේ සිදුවීමට කලින් මම මේව විශ්වාස කළ කෙනෙක් නෙමෙයි…..

මවුන්ට් බැටන් සාමිවරයා මෙම නිවස 1905 හදපු එකක්. 80 දශකයෙන් පසුවයි මෙය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙ භාවිතයට අරන් තියෙන්නෙ. මෙහි මීට පෙරත් මෙවැනිම අත්භූත සිදුවීම් වී ඇතැයි වාර්තා වනවා.

Leave a Reply

Your email address will not be published.