නවකයින් 2 ක් එක්ක ලංකාව ගහපු ගැහිල්ල

සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය නිමාවන විට ශ්‍රී ලංකාව කඩුලු 4 ක් දැවී ලකුණු 317 ක් ලබා සිටිනවා.

තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක රංගන හේරත් පළමුව පන්දුවට පහරදීමට තීරණය කළා. ඔහු ටෙස්ට් ක්‍රිකට් තරගාවලියක් සදහා නායකත්වය ලබාදෙන පළමු අවස්ථාව මෙයයි.

මෙම තරගයට නවකයින් දෙදෙනෙකු ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩා කරනවා. අසේල ගුණරත්න සහ ලහිරු කුමාර ටෙස්ට් වරම් දිනූ ක්‍රීඩකයින්. අසේලට ජාතික ක්‍රිකට් කණ්ඩායමේ දොරටු විවර වන බව පළමුව අනාවරණය කළේද ප්‍රයිම් ලංකා අප වෙබ් අඩවියයි.

දිමුත් කරුණාරත්න සහ කෞෂාල් සිල්වා ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු යුගලය ලෙස පිටියට පිවිසියා. දිමුත් දැවී ගියේ ලකුණු 56 ක් ඉනිමට එක්කරමිනුයි. ශතකය අභියස අවාසනාවන්ත ලෙස කෞෂාල් දැවී ගියේ ලකුණු 94 ක් ලබා සිටියදීයි.

තෙවන පිතිකරු ලෙස පිටියට පිවිසි කෞෂාල් වේගවත් පහරවල් කරා යමින් ලකුණු 110 ක් ලබා ගත්තා. ඊට හතරේ පහර 15 ක් සහ හයේ පහර දෙකක් ඇතුලත්. කුසල් මෙන්ඩිස් ලකුණු 34 යි.

උපුල් තරංග සහ ධනංජය ද සිල්වා නොදැවී කඩුල්ලේ රැදී සිටිනවා. හරාරේහීදි පැවැත්වෙන තරගයේ හෙට දෙවන දිනයයි.

Leave a Reply

Your email address will not be published.