නවීන් – රවී ගැටුමට ජනපති අතදමයි

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතාට හදිසි සාකච්ඡාවක් සඳහා කැඳවීමක් කර ඇතැයි වාර්තා වනවා.

ඒ, ශ‍්‍රී ලංකා තේ මණ්ඩලය සතු අමෙරිකානු ඩොලර් මිලියන 60ක පමණ මුදලක් මහා භාණ්ඩාගාරයට පවරා ගැනීමට සූදානමක් ඇතැයි ද එසේ කළහොත් තමන් අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වන බවටද නවීන් දිසානායක මහතා කළ ප‍්‍රකාශයක් හේතුවෙනුයි.

කෙසේ වෙතත් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා කියා සිටියේ මෙම මුදල මහා භාණ්ඩාගාරයට පවරා ගැනීමෙන් මුදල් පාලනය විනිවිධ වන බවයි. පවරා ගැනීමට කිසිවකුත් බියවිය යුතු නැතැයිද රවී කරුණානායක මහතා කියා සිටියා.

පෙර ලිපිය

ඇමති නවීන් ඉල්ලා අස්වන බවට තර්ජනය කරයි

Leave a Reply

Your email address will not be published.