නව බදුක්‍රමයක් ලබන අයවැයෙන් එයි

ලබන වසරේ අයවැය යෝජනා තුලින් නව බදු ක්‍රමයක් ගෙන ඒමට මුදල් අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබෙනවා. මේ වන විට බදු වර්ග 48 ක් රට තුල ක්‍රියාත්මකයි. එය එක් සරළ බදු ක්‍රමයක් දක්වා ගෙන ඒමට සැලසුම් කරන බවයි මුදල් අමාත්‍යාංශ ප්‍රකාශකයකු කියා සිටියේ.

කෙසේ වෙතත් එය කුමක්ද යන්න මෙතෙක් අවසන් තීරණයක් ගෙන නැහැ. එමෙන්ම වැට් හේතුවෙන් මෙම වසර තුල ලබාගත නොහැකිවූ ආදායම ලබන වසරේ අයවැයෙන් ලබාගැනීමට ආන්ඩුවට සිදුවනවා. ඒ හේතුවෙන් බලාපොරොත්තු වන සහන ලබාදීමට නොහැකි බවයි එම ප්‍රකාශකයා කියා සිටියේ.

අය වැය යෝජනා නොවැම්බර් මස පළමු සති දෙක තුල පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇති. එය 10 වනදා හෝ 13 වනදා වන බවයි වාර්තා වන්නේ.

8 thoughts on “නව බදුක්‍රමයක් ලබන අයවැයෙන් එයි

Leave a Reply

Your email address will not be published.