නව වාර්තාවෙන් පසු ඩිෆ් 10 කාටද ?

සංචාරක පකිස්ථාන කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර පළමු ටෙස්ට් තරගය ඊයේ ආරම්භ වුණා.

කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට පකිස්ථානය තීරණය කළා.

මේ අනුව පිටියට පිවිසි පකිස්ථානය සියළු දෙනා දැවී පළමු ඉනිමට ලබා ගත්තේ ලකුණු 339 ක් පමණයි.

මෙහිදී 42 හැවිරිදි පාකිස්ථානු නායක මිස්බා උල්හක් විශිෂ්ඨ ශතකයක් ලබා ගත්තේ ලොව වයස්ගතම ටෙස්ට් ශතක ලාභියා බවට පත්වෙමින්. මේ අනුව බිද වැටුනේ 1934 වසරේදී පිහිටුවා තිබූ වාර්තාවක්.

ඔහු ශතකය ලබාගත් පසු ඩිෆ් 10 ගසමින් එය සැමරූ ආකාරය බොහෝ දෙනාගේ කතා බහට ලක්වුණා.

පසුව ඒ පිළිබඳ අදහසක් දක්වමින් මිස්බා කියා සිටියේ ඔවුන් එංගලන්තයට පැමිණීමට පෙර පකිස්ථාන යුධ හමුදා කඳවුරක කාලය ගත කළ බවයි. එංගලන්තයේදී ශතකයක් ලබාගතහොත් ඔවුන් සිහිකිරිමට මෙසේ ඩිෆ් 10 ගසන බව ඔවුන්ට පොරොන්දු වූ බවත් ඔහු කියා සිටියා. ඒ අනුව පොරොන්දු ඉටු කිරීමක් ලෙසයි ඔහු එම ක්‍රියාව හදුන්වා දුන්නේ.

එම වීඩියෝව පහතින් නරඹන්න.

Leave a Reply

Your email address will not be published.