නාමල්ගේ තනියට තවත් 4 ක් FCID ය නම් කරයි

මුදල් විශුද්ධිකරණ පනත යටතේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවල අවසන් වාර්තාව නීතිපතිවරයා වෙත යොමු කර ඇතැයි පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය පවසනවා. අදාළ නඩුව කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණයේදී අද (08) කැඳවන ලද අවස්ථාවේදී මේ බව ප‍්‍රකාශ කෙරුණා.

ශ‍්‍රී ලංකාවේ රග්බි සංවර්ධනයට ඉන්දියාවේ කි‍්‍රෂ් සමාගම විසින් ලබාදුන් බව කියන රුපියල් මිලියන 70 ක මුදලක් අවභාවිත කළ බවටයි නාමල් රාජපක්ෂ මන්ත‍්‍රීවරයා චෝදනාවට ලක්ව සිටින්නේ. මෙම මූල්‍ය වංචාව සම්බන්ධයෙන් තවත් පුද්ගලයින් 04 දෙනෙකුද සැකකරුවන් ලෙස නම් කිරීමට අදහස් කරන බව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණයට අද දැනුම් දුන්නා.

ඊට අදාළව නීතිපතිවරයාගෙන් උපදෙස් ලබාගන්නා බවයි වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණේ. ලබන ඔක්තෝබර් මස 31 වැනිදා නඩුව නැවත කැඳවීමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published.