නාමල්ගේ සුපිරි මෝටර් රථය පාතාලයට දීලා ?

පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ විසින් භාවිත කරන ලද බව කියන ෆෝර්ඞ් මස්ටෑන් වර්ගයේ මෝටර් රථයක් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. නාමල් රාජපක්ෂ මන්ත‍්‍රීවරයා මෙම මෝටර් රථය භාවිත කර ඇත්තේ 2010 වසරේ සිටයි. එය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හිමිවන පර්මිට් එකකින් ලබාගෙන ඇතැයිද කියවෙනවා.

පසුව එය පාතාල සාමාජිකයෙකු බව කියන ‘ජී බෝයි’ නමැත්තෙකුට අලෙවි කර ඇතැයිද සැකකෙරෙනවා. කෙසේ වෙතත් මෙම මෝටර් රථය රුපියල් ලක්ෂ 80 කට මෙම වසරේදී මිලදී ගත් බවයි එහි වත්මන් හිමිකරු පොලීසියට පවසා ඇත්තේ. ව්‍යාපාරිකයකු ලෙස තමන්ට මෝටර් රථයක් මිලදී ගත හැකි බවයි හිමිකරු වැඩිදුරටත් පොලීසියට පවසා ඇත්තේ.

One thought on “නාමල්ගේ සුපිරි මෝටර් රථය පාතාලයට දීලා ?

  • September 6, 2016 at 8:50 am
    Permalink

    නාමල් ජී වැඩ කරන ජී බෝයි කෙනෙක් බව අපි දන්නවා. හපෝ මුන්ගේ පවුලේ ජී ගඳ.

    Reply

Leave a Reply

Your email address will not be published.