නිදහස් පක්ෂය සමග ඒකාබද්ධය එක්වෙයි ?

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ඒකාබද්ධ විපක්ෂය අතර ඉදිරි දිනවල දී සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග පවසනවා.  පසුගියදා කොළඹ පැවති උත්සවයකට සහභාගී වු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙන්ම ඒකාබද්ධ විපක්ෂයේ නියෝජිතයන් ද දේශපාලනික කරුණු සම්බන්ධයෙන් සාකච්ඡාවක් පවත්වා ඇතැයි සදහන්.

එහිදී දෙපාර්ශවයේම නියෝජිතයන් පෙන්වා දී ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බෙදීමකින් තොරව ඉදිරියට ගෙන යා යුතු බවයි.

බෙදී වෙන්වුවහොත් ඉදිරියේ දී පැවැත්වෙන මැතිවරණයකදී එක්සත් ජාතික පක්ෂය නියත වශයෙන්ම ජයගනු ඇති බව  දෙපාර්ශවයම මතය වී තිබෙනවා. ඉදිරි මැතිවරණ කොට්ඨාස ක්‍රමයට පැවැත්වෙන බැවින් එම මැතිවරණ ජයග්‍රහණය කිරීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට වැඩි අවස්ථාවක් පවතින බව නිදහස් පක්ෂ නියෝජිතයින් එහිදී පෙන්වා දී ඇතැයි සදහන්.

කෙසේ වෙතත් මෙවැනි එක්වීමකට බැසිල් රාජපක්ෂ මහතා එකග නොවනු ඇතැයි ඒකාබද්ධ විපක්ෂය පාර්ශ්වයෙන් දැනුම් දී තිබෙනවා. එහෙත් සාකච්ජා ඉදිරියට පවත්වාගෙන යා හැකි බවයි ඔවුන් පෙන්වා දී ඇත්තේ.

මේ අතර ඒකාබද්ධයේ සිටින සුලු පක්ෂ එක්කර ගැනීමට තමන්ගේ කිසිදු එකගතාවක් නැති බවත් මෙහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නියෝජිතයින් දැනුම් දී ඇතැයි සදහන්. මේ අනුව විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල වැනි ඒකාබද්ධයේ ඇතැම් සුලු පක්ෂ නියෝජිතයින්ගේ අනාගතය පිලිබදවත් මෙම සාකච්ජාවේදී අවධානයක් යොමුව ඇති බවයි වාර්තා වන්නේ.

Leave a Reply

Your email address will not be published.