නියෝජ්‍ය පොලිස්පතිගේ ගෙදරට හොරු පැනලා

බත්තරමුල්ල පැලවත්ත ප්‍රදේශයේ පිහිටි උතුරු මැද පළාත් භාර නියෝජ්‍ය පොලිස්පති එල් කේ ඩී එල් සදුන්ගහවත්ත මහතාගේ නිවසට සොරුන් ඇතුලූ වී තිබෙනවා.

සොරුන් රුපියල් 49 000 ක් වටිනා රන් මාලයක් ඇතුලු තවත් වටිනා බඩු කිහිපයක් ගෙන ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

නිවසේ උඩු මහලේ නාන කාමරයේ ජනේලයකින් සොරුන් ඇතුලු වී ඇති බවට පොලීසිය සැක පළකරනවා. මේ පිලිබද පරීක්ෂණ පවත්වන්නේ තලංගම පොලීසියයි.

2 thoughts on “නියෝජ්‍ය පොලිස්පතිගේ ගෙදරට හොරු පැනලා

  • October 6, 2016 at 10:36 am
    Permalink

    අපේ ගෙවල් වලට හොරු පැන්නට මොකද දේවාලෙත් හොරු බිදල නම්……

    Reply

Leave a Reply

Your email address will not be published.