නිරූපිකාවක් ලොව විශාලතම බල්ලා සමග යහන්ගතවෙයි – Photos

ලංකාවෙත් සුනඛයින් ඇතිකිරීම මේ දිනවල ඉතාම ප්‍රචලිත වෙමින් යනවා. ඒ අතර විදේශයන්ගෙන් ආනයනය කළ සුනඛයින්ට හිමිවන්නේ ප්‍රමුඛ ස්ථානයක්. ඔවුන් ඉතා අධික මිල ගණන් වලට අලෙවි වෙමින් තිබෙනවා. මේ අතර ලොව විශාලතම සුනඛයාට හිමි ගිනස් වාර්තාව ලබාගැනීමට එංගලන්තයේ Freddy සමත්ව තිබෙනවා. මෙම සුනඛයා අඩි 7 යි අගල් 6 ක් විශාලයි.

ටොන් 14.5 ක් බර මෙම සුනඛයාගේ හිමිකාරිය බවට පත්ව ඇත්තේ 41 හැවිරිදි  හිටපු නිරූපිකාවක් වන Claire Stoneman. තමන්ගේ එකම ආදරවන්තයා මෙම සුනඛයා බවයි ඇය ප්‍රකාශ කර ඇත්තේ. නිදි යහනේදීත් තමන්ට ආරක්ෂාව සලසන්නේ Freddy බවයි ඇය එංගලන්ත මාධ්‍ය හමුවේ ප්‍රකාශ කර ඇත්තේ. Freddy සමග කාලය ගතකිරීම ඉතාම සතුට දනවන කරුණක් බව ඇය එහිදී ප්‍රකාශ කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published.