පසුගිය වසරේ HIV ආසාධිතයින් වැඩිපුර හමුවෙලා

2016 වසරේදී එච්.අයි.වී. ආසාදිතයන් 250 දෙනෙකු මෙරටින් සොයාගෙන තිබෙනවා. මේ අතර ලක්ෂ 11කට අධික පිරිසක් ලේ පරීක්ෂා කරගෙන තිබෙන බවත් ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහන සඳහන් කරයි.

වෛරසය ආසාදනය වූ පුද්ගලයන් 44 දෙනෙකු මියගොස් තිබෙන බවත්, එය 2015 වසරට සාපේක්ෂව මරණ 10 ක ඉහළ යෑමක් බවත් එම වැඩසටහනේ අධ්‍යක්ෂ වෛද්‍ය සිසිර ලියනගේ මහතා සඳහන් කළා.

2015 වසරේදී එච්.අයි.වී. ආසාදිතයන් 235 ක් වාර්තා වී තිබුණා. මේ අනුව පසුගිය වසරේ එම ප්‍රමාණය 15 දෙනෙකුගෙන් ඉහළ ගොස් තිබෙන බවත් ඔහු කියා සිටියා.

එහෙත් මෙම සංඛ්‍යාලේඛන ඉහළ ගොස් තිබෙන්නේ මීට අවුරුදු 10 – 15කට පෙර එච්.අයි.වී. ආසාදනය වී පසුගිය වසර වෙනතෙක් පරීක්ෂා කිරීම සිදු නොකරගත් රෝගීන් නිසා බවත්, අලුතින් එච්.අයි.වී. වැලඳීම සාපේක්ෂ ලෙස අඩුවීමක් දක්නට ලැබෙන බවත් ඒ මහතා සඳහන් කළා.

මුල් අවස්ථාවේ එච්.අයි.වී. ආසාදිත වී ඇති බවට සොයාගැනීමට හැකි වුවහොත් ප්‍රතිකාර මගින් රෝගය පාලනය කළ හැකි බවත්, මේ නිසා එම පුද්ගලයාට සාමාන්‍ය ලෙස ජීවිතය ගෙවාදැමීමට හැකියාව තිබෙන බවත් සිසිර ලියනගේ මහතා පවසනවා.

 

Leave a Reply

Your email address will not be published.