ප්‍රංශ ප්‍රහාරකයා උන්මත්තකයෙක් ?

ප‍්‍රංශ ජාතික දින සැමරුම් උත්සවයක සිදු වූ ත‍්‍රස්ත ප‍්‍රහාරයෙන් මියගිය සංඛ්‍යාව අසූ හතර දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ අතර කුඩා දරුවන් 10 දෙනෙකුද සිටින බවයි විදෙස් මාධ්‍ය අනාවරණය කළේ. තවත් දෙසිය දෙදෙනකු ඉන් තුවාල ලබා ඇති බව සදහන්. ඒ අතර බරපතල තුවාල ලැබූවන් 52 නකු සිටින බවයි වාර්තා වන්නේ.

මෙම ත‍්‍රස්ත ප‍්‍රහාරය එල්ල වූයේ දකුණුදිග ප‍්‍රංශයේ නයිස් නගරයේ පැවති නිදහස් දින සමරු උත්සවය අතරවාරයේදීයි. ලොරි රථයක් අධික වේගයෙන් උත්සව භූමියට කඩා වැදී එහි සිටි පිරිස යට කරමින් කිලෝමීටර් දෙකක පමණ දුරක් ගමන්කර තිබෙනවා. එම අවස්ථාවේදී වහා කි‍්‍රයාත්මක වූ ප‍්‍රංශ ආරක්ෂක අංශ වෙඩි ප‍්‍රහාරයක් එල්ල කර ලොරි රථයේ රියැදුරා ඝාතනය කළා.

සිද්ධිය ඇසින් දුටුවන් උපුටා දක්වමින් විදෙස් පුවත් සේවා වාර්තා කර ඇත්තේ නිදහස් දින සැමරුම් උත්සවයේ මල් වෙඩි සංදර්ශන පැවැත්වෙන අතරවාරයේ ලොරි රථය ජනතාව යට කරමින් මෙලෙස ගමන් කර ඇති බවයි. එම අවස්ථාවේදීම වෙඩි ප‍්‍රහාර කිහිපයක් සිදුව ඇති බවයි සිද්ධිය ඇසින් දුටුවක් ප‍්‍රකාශ කර ඇත්තේ.
මෙම ප්‍රහාරය එල්ල කළ පුද්ගලයා Mohamed Lahouaiej Bouhlel ලෙස පොලීසිය හදුනාගෙන තිබෙනවා.  මෙම ප්‍රහාරයත් සමග ප්‍රංශයට පනවා ඇති හදිසි නීතිය තවත් මාස තුනකින් දීර්ඝ කිරීමටයි එරට රජය පියවර ගෙන ඇත්තේ.

Leave a Reply

Your email address will not be published.