ප්‍රගතිය සොයන්න මූන් එයි

එක්සත් ජාතීන්ගේ මහලේකම් බැන් කී මූන්  මහතා ශී‍්‍ර ලංකාවට පැමිණියා. අප ගුවන් තොටුපොළ වාර්තාකරු පැවසුවේ බෑන් කී මූන් ඇතුළු දූත පිරිස රාතී‍්‍ර 7.30 ට පමණ කටුනායකට ළඟා වූ බවයි. ඔවුන් පිළිගනු ලැබවේ විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ඇතුළු පිරිසක් විසිනුයි.

මේ අතර බෑන් කී මූන්ගේ මෙම සංචාරය පිළිබඳව කැබිනට් තිරණ දැනුම්දිම සඳහා අද පැවැත් වූ මාධ්‍ය හමුවේදීද ප‍්‍රශ්න කෙරුණා. ඊට පිළිතුරු දුන් අමාත්‍ය රාජිත සේනාරත්න සඳහන් කළේ ශ්‍රී ලංකා සංහිඳියා වැඩපිළිවෙලේ ප්‍රගතිය නිරීක්ෂණය කිරීමේ අරමුණෙන් බැන් කී මූන් ශ්‍රී ලංකාවට පැමිණෙන බවයි. 2009 සිදුවූ ඔහුගේ සංචාරය මෙන් නොව මෙවර හානියක් නැතැයිද එහිදී අමාත්‍යවරයා කියා සිටියා.

ශ්‍රී ලංකාව කෙරෙහි ජාත්‍යන්තරයේ විශ්වාසය ගොඩ නැගී ඇති බවයි උදාහරණ සහිතව අමාත්‍යවරයා පෙන්වා දුන්නේ. විදෙස් විනිසුරුවන් අවශ්‍ය නොවන බවත් මෙහිදී අමාත්‍යවරයා කියා සිටියා. ඒ සදහා බලපෑමක් ජාත්‍යන්තරයෙන් නොමැති බවයි අමාත්‍ය රාජිත සේනාරත්න මහතා කියා සිටියේ.

Banki moon

Leave a Reply

Your email address will not be published.