ප්‍රධාන විධායකත් ක්‍රිකට් ලේකම්වරිගේ පහස පතලා

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වෙළද ලේකම්වරියක ට පනවා තිබූ තහනම ඉවත් කිරීමට පියවර ගෙන ඇතැයි වාර්තා වනවා. ක්‍රිකට් ආයතනයේ රුපියල් 16,000 ක බිල්පතක් රුපියල් එක් ලක්ෂ හැට දහසක් ලෙස වෙනස්කර ගෙවීම් ලබාගැනීම හේතුවෙන් ඇයගේ සේවය අත්හිටුවීමට පියවර ගෙන තිබුණා. එහෙත් අැය වෙනුවෙන් පැවැත්වූ විනය පරීක්ෂණයේ තීරණයක් ලෙසයි මෙලෙස නැවත සේවයේ පිහිටුවීමට පියවර ගෙන ඇත්තේ.

මෙම විනය පරීක්ෂණයේදී ඇය පවසා ඇත්තේ ප්‍රධාන විධායක නිලධාරියා සහ ලේකම්වරයා තමන්ට ලිංගික බලපෑම් සිදුකළ බවයි. ප්‍රධාන විධායක නිලධාරියා ලෙස ඈෂ්ලි ද සිල්වා මහතා කටයුතු කරන අතර ලේකම් ලෙස කටයුතු කරන්නේ මොහාන් ඩි සිල්වා මහතායි. ඒ පිලිබද මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීමට පියවර ගන්නා බවත් පරීක්ෂණයේදී ලේකම්වරිය ප්‍රකාශ කර ඇතැයි සදහන්.

මේ අනුව ක්‍රිකට් ආයතනයේ කීර්ති නාමය වෙනුවෙන් ඇයගේ සේවය යලි පිහිටුවීමටයි පියවර ගෙන ඇත්තේ.

කෙසේ වෙතත් මෙම ලේකම්වරිය ක්‍රිකට් ක්‍රීඩක කිත්රුවන් විතානගේ සමග රැයක් ගතකර පැමිණි බව පසුගිය කාලයේ වාර්තා පළවුණා. එමෙන්ම ඇයව හිටපු ක්‍රීඩා අමාත්‍යවරයකුද සමීපව ඇසුර කළ බව සදහන්. මේ වන විට එම ක්‍රීඩා අමාත්‍යවරයාට වත්මන් රජය දූෂණ සහ අක්‍රමිකතා චෝදනා ගොනුකර තිබෙනවා. ඔහුගේ බිරිද ද වත්කම් ඉපයීම පිලිබද සිදුකර ඇති අනාවරණයක් හේතුවෙන් සමාජයේ කලක් කථාබහට ලක්ව සිටියා.

මෙම හිටපු ක්‍රීඩා අමාත්‍යවරයාගේ සමීප සම්බන්ධය සදහා ඇයව යොමුකර ඇත්තේද හිටපු ක්‍රිකට් ලේකම්වයකු බව සදහන්.

Leave a Reply

Your email address will not be published.