ප්‍රවාහන ඇමති ගැන අල්ලස් කොමිසමට පැමිණිලි

ප‍්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වාට සහ ප‍්‍රවාහන කොමිසන් සභාවේ සභාපතිවරයා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට පැමිණිලි කරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා. ඒ අනුව අද දිනයේ එම පැමිණිල්ල ඉදිරිපත් කරන බවයි එහි සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේ. දක්ෂිණ අධිවේගී මාර්ගය සඳහා ටෙන්ඩර් මගින් මාර්ග බලපත‍්‍ර ලබාදීම අවලංගු කිරීමෙන් වාර්ෂිකව රජයට කෝටි දෙසීයක් පාඩුවීම සම්බන්ධයෙන් එම පැමිණිල්ල ඉදිරිපත් කරන බව ඔහු වැඩිදුරටත් කියා සිටියා. ටෙන්ඩර් නොමැතිව මාර්ග බලපත්‍ර ලබාදීමෙන් අතයට විශාල මුදලක් ඉපයිය හැකියි. නමුත් ටෙන්ඩර් ලබාදීමෙන් මෙම අත යට ගනුදෙනු ඇහිරෙනවා.

Leave a Reply

Your email address will not be published.