ප්‍රසන්නට රටයන්න අවසර දෙයි

කොළොන්නාව මීතොටමුල්ල ප්‍රදේශයේ ඉඩමකින් පදිංචි අනවසර පදිංචිකරුවන්ඉවත් කර එම ඉඩම ලබා දෙන බව පවසා ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් මිලියන 64ක් ලබා ගැනීමට කටයුතු කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් බස්නාහිරපළාත් හිටපු මහ ඇමති පා.ම. ප්‍රසන්න රණතුංග මහතා සහ ඔහුගේ බිරිද ට එරහිව නීතිපතිවරයා නඩු පවරා තිබුණා. ඒ අනුව ඔවුන් දෙදෙනාගේ විදෙස් ගමන් තහනම් කිරීමටයි අධිකරණය පියවර ගෙන තිබුණේ. එහෙත් ඔවුන් දෙදෙනාට සති දෙකකට විදේශ ගත වීමට කොළඹ මහාධිකරනය අද අවසර ලබා දී තිබෙනවා.

මෙම නඩුවේ විත්තිකරුවන් වන ප්‍රසන්න රණතුංග මහතා සහ මොරීන් රණතුංග නැමැති අය අද දින අධිකරනයේ පෙනී සිටි අතර මෙම නඩුවේ තුන් වන විත්තිකරු අධිකරනය මග හැර ඇති බැවින් ඔහු නොමැතිව නඩුව විභාග කිරීමට සාක්ෂි මෙහෙයවීම මීලග නඩු වාරයේදී කටයුතු කරන ලෙසයි අධිකරණය දැනුම් දී ඇත්තේ. මීලග නඩුවාරය ලබන සැප්තැම්බර් 30 දා සිදු කරණු ඇති.

2015 වර්ෂයේ අප්‍රේල් මස 10 දා සිට එම වසරේ ජූනි මස 2 දා අතරකාලය තුල මෙම ගණුදෙනුව සිදු කර ඇති බවට නීතිපතිවරයා නඩුව ගොනුකර තිබෙනවා. මෙම චොදනා ඔප්පු කිරීම සදහා සාක්ෂිකරුවන් 65 දෙනෙකු සහ ලේඛන 15 ක්නඩු භාණ්ඩ ලෙස නම් කර ඇති බවයි අප අධිකරණ වාර්තාකරු කියා සිටියේ.

 

Leave a Reply

Your email address will not be published.