පාර්ලිමේන්තුව රත්කළ එළුග තමිල්

යාපනයේ පැවති එළුග තමිල් විරෝධතා ව්‍යාපාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී වාද විවාද ඇති වුණා. ඒ, පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිනේෂ් ගුණවර්ධන විශේෂ ප‍්‍රකාශයක් කරමින් උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍යවරයාගේ කි‍්‍රයාකලාපය විවේචනය කිරීමත් සමගයි.

ඊට පිළිතුරු ලබාදුන් සභා නායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල සඳහන් කළේ උතුරු මහඇමතිවරයා විසින්  දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා දක්වන අදහස් ප්‍රතික්ෂේප කර ඇති බවයි.

කෙසේ වෙතත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ ද මෙම විවාදයට මැදිහත් වුණා. එහිදී හෙතෙම සඳහන් කළේ විග්නේෂ්වරන් මහඇමතිවරයා සිදු කළ ප්‍රකාශ මාධ්‍ය මගින් පළ වුණේ වැරදි ලෙස බව දක්වමින් නිවරැදි කිරීමක් සිදු කරන ලෙස විග්නේෂ්වරන් විසින් මාධ්‍යයෙන් කිසිඳු ඉල්ලීමක් හෝ කරුණු දැක්වීමක් සිදුකර නොමැති බවයි.

විපක්ෂ නායක ආර්. සම්බන්ධන් ද මෙහිදී අදහස් පළ කළා. එහිදී හෙතෙම සඳහන් කළේ මෙම විවාදයට සම්බන්ධ නොවීමට තමන් ඇතුලු පිරිස තීරණය කළ බවයි. ඊට හේතු ඇති බවත් පැවසුවා.

 

Leave a Reply

Your email address will not be published.