පිලිපීන ජනපති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අනාවරණය කරයි

පිලිපීනයේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ බවට චෝදනා ලද රජයේ බලධාරීන් කිහිප දෙනෙකු සිය චෝදනා පිළිගනිමින් පොලිස් භාරයට පත් වීමට කටයුතු කර තිබෙනවා. පිලිපීන ජනාධිපති රොද්රිගෝ දුතේර්තේ විසින් මෙම බලධාරීන් රටේ මත්ද්‍රව්‍ය ජාවාරමට සෘජුවම සම්බන්ධ බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරනු ලැබූ දිනට පසු දිනයි ඔවුන් මෙලෙස පොලිසිය වෙත භාර වී තිබෙන්නේ.

පොලිසියට යටත් වූ පුද්ගලයන් අතර නගරාධිපතිවරුන් සහ පොලිස් ප්‍රධානීන් ද සිටින බවයි වාර්තා වන්නේ. චෝදනා වලට මුහුණ දී සිටින ඇතැම් නිලධාරීහු තමන් නිර්දෝෂී බව කියමින් එල්ල වී ඇති චෝදනා ප්‍රතික්ෂේප කළා. සැකකරුවන්ට එරෙහිව සාක්ෂි ඉදිරිපත් කිරීමට පෙර ඔවුන්ගේ නම් ප්‍රසිද්ධ කිරීම සම්බන්ධයෙන් පිලිපීනයේ ඇතැම් පිරිස් ජනාධිපතිවරයාගේ ක්‍රියා කලාපය විවේචනය කරනවා.

මේ අතර අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය විසින් වරෙන්තුවක් ඉදිරිපත් කරනු නොලබන්නේ නම් යටත් වීමෙන් වැළකී සිටින ලෙස පිලිපීන අගවිනිසුරුවරයා චෝදනා ලැයිස්තුවේ නම් ඇතුළත් විනිසුරුවරයන්ට උපදෙස් ලබා දී ඇතැයි සදහන්.

Leave a Reply

Your email address will not be published.