පිහිනුම් ශූර මයිකල් පෙල්ප්ස්ට වෙච්ච දේ

ඇමෙරිකානු පිහිනුම් ශූර මයිකල් පෙල්ප්ස් ක්‍රීඩාවෙන් සමුගැනීමට තීරණය කළා. රියෝ ඔලිම්පික් උළෙලේ මීටර 100 සමනල ආර ඉසව්වේ පැවති තරගයෙන් පරාජයට පත් වීමත් සමග ඔහු මෙම තීරණය ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

මයිකල් පෙල්ප්ස් මෙම තරග‍යේ දී සිංගප්පූරු ක්‍රීඩක ජෝසප් ස්කූලින් හමුවේයි පරාජයට පත් වුණේ. පෙල්ප්ස් මෙවර ඔලිම්පික් තරගාවලියේ රන් පදක්කම් 4 ක් සහ එක් රිදී පදක්කමක් හිමිකරගෙන සිටිනවා.

ඔලිම්පික් ඉතිහාසයේ මේ දක්වා වැඩිම රන් පදක්කම් සංඛාවකට හිමිකම් කියන්නේ ද මයිකල් පෙල්ප්ස් වීම විශේෂත්වයකි.

කෙසේ වෙතත් ඔහුගේ සමුගැනීම පිලිබද විවිද කටකතා ඔලිම්පික් ගම්මානයේ පැතිරයන බවයි වාර්තා වන්නේ. පරාජයත් සමග මයිකල් පෙල්ප්ස් කම්පනයට පත්ව සිටි බවයි පැවසෙන්නේ.

රියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ පෙල්ප්ස් පරදා සිංගප්පූරු ක්‍රීඩකයා ලද ජයග්‍රහණය ගැන වඩාත් කතාබහට ලක්වීම ඔහුගේ කම්පනයට වඩාත් හේතුවී ඇති බවයි සමාජ ජාල මාධ්‍ය ඔස්සේ පැතිරයන නිල නොලත් ආරංචිවල සඳහන්. මේ පරාජය තමාට විශ්වාස කළ නොහැකි බව පෙල්ප්ස් පවසා ඇති අතර සිංගප්පූරුවේ ජෝශප් ස්කුලීන් කියා ඇත්තේ පෙල්ප්ස් පැරදවීම තමන්ගේ සතුට බව යි.

Leave a Reply

Your email address will not be published.