පෙම්වතා වෙනුවෙන් දිනකට 7 ක් සමග යහන්ගතවූ ගාල්ලේ තරුණිය

පොලියට මුදල් ගෙන පෙම්වතා රට රැකියාවක් සඳහා යැවූ තරණියක් එම ණය මුදල් ගෙවාදැමීම සඳහා ගණිකා වෘත්තියේ යෙදුනු පුවතක් ගාල්ලෙන් වාර්තා වනවා. පෙම්වතිය ණයටගෙන ලබාදුන් මුදලින් විදෙස්ගතවූ පෙම්වතා විදෙස්ගතවීමෙන් අනතුරුව මුදල් එවා නැහැ.

අධික පොලියක් සහ ණය මුදල ගෙවීමේ බර කරමත පැටවුණු තරුණ කාන්තාවක් එම මුදල් ඉපයීම සඳහා ගාල්ල ප්‍රදේශයේ ලිංගික ශ්‍ර‍මික කාන්තාවක් ලෙස කටයුතු කරමින් සිටියදී තැරැව්කරුද සමග ගාල්ල පොලිස් කොට්ඨාස දූෂණ මර්දන අංශය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ.

මසකට ලබාගත් ණය සදහා රුපියල් 20500 ක මුදලක් ගෙවීමට නොහැකිවීම හේතුවෙන් මෙලෙස ගණිකා වෘත්තියේ නියැලුණු බව ඇය ප්‍රකාශ කර තිබෙනවා.

27 හැවිරිදි අදාල කාන්තාව අත්අඩංගුවට පත්වූ දිනයේදී පමණක් පිරිමින් 7 දෙනෙකු සමග යහන්ගතවී ඇති බවයි පැවසෙන්නේ. එක් පිරිමියකුගෙන් රුපියල් 2500ක් අයකර ඇති අතර ඉන් 1500ක්ම තැරැව්කරු ලබාගෙන තිබෙනවා.

ගාල්ල කොට්ඨාෂ දූෂණ මර්ධන ඒකකය කළ වැටලීමකදී අත්අඩංගුවට ගත් මෙම කාන්තාව සහ තැරැව්කරු අධිකරණයට ඉදිරිපත්කර ඇති බවයි වාර්තා වන්නේ.

Leave a Reply

Your email address will not be published.