පොලස් භටයන්ව සමූල ඝාතනය කළ බවට LTTE ය පිලිගනී

පොලිස්‌ භටයන් 600 ක්‌ සමූල ඝාතනය කළේ නැගෙනහිර කොටි නායකයාව සිටි කරුණා බව ප්‍රකට කොටි ඩයස්‌පෝරා ක්‍රියාකාරිකයකු වන පෝල් නිව්ටන් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේදී අනාවරණය කළා. කොටි සංවිධානය පොලිස්‌ භටයන් 600 ක්‌ මරා දැමූ බව පිළිගත් මුල් වතාව මෙයයි. කොටි සංවිධානය වසර 27 කට පෙර පොලිස්‌ භටයන් 600 ය මරා දැමූ සොහොන් වළ ළඟට මුලින්ම ගිය විශේෂ කාර්ය බළකා නිලධාරියා තමා බව හිටපු විශේෂ කාර්ය බළකා නිලධාරියකු වූ ජනක්‌ විමල මහතා මානව හිමිකම් කවුන්සිලයේදී හෙළි කළා. ශ්‍රී ලංකා හමුදාවට යුද අපරාධ චෝදනා එල්ල කරන කොටි ඩයස්‌පෝරාව පොලිස්‌ භටයන් 600 ක්‌ මරා දැමීම සංහාරයක්‌ නොවේද යෑයි ජනක්‌ විමල මහතා කළ ප්‍රශ්න කිරීමට ප්‍රතිචාර දැක්‌වූ පෝල් නිව්ටන් මෙම හෙලිදරව්ව කළේ ප්‍රභාකරන් ගලවා ගැනීමටයි. කෙසේ වෙතත් කරුණාගේ පාර්ශ්‍රවයෙන් මේ පිලිබද කිසිවක් මෙතෙක් ප්‍රකාශ කර නැහැ. කෙසේ වෙතත් මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන කාලය තුල කරුණා අම්මාන් හෙවත් විනායගමූර්ති මුරලිදරන් අමාත්‍යවරයකු ලෙසත් කටයුතු කළා.

One thought on “පොලස් භටයන්ව සමූල ඝාතනය කළ බවට LTTE ය පිලිගනී

  • September 24, 2017 at 11:08 am
    Permalink

    After study a few of the blog posts on your website now, and I truly like your way of blogging. I bookmarked it to my bookmark website list and will be checking back soon. Pls check out my web site as well and let me know what you think.

    Reply

Leave a Reply

Your email address will not be published.