පෝලියෝ තුරන් කිරීමට ඉඩ නොදෙන පාකිස්ථානය

පකිස්තානයේ පෝලියෝ උවදුර තුරන් කිරීම සඳහා ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා දීමේ ව්‍යාපෘතියට කැප වී සිටි ප්‍රධාන පෙළේ වෛද්‍යවරයෙකු වෙඩි තබා ඝාතනය කර තිබෙනවා. වෛද්‍ය සාකා උල්ලා ඛාන් ට වෙඩි තබා ඝාතනය කර ඇත්තේ පෙෂාවර් නුවර පිහිටි ඔහුගේ නිවෙසට නුදුරින් සිටියදී යි.

යතුරු පැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් මෙම වෛද්‍යවරයාට වෙඩි තබා පලා ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. පෝලියෝ එන්නත් ලබා දීමේ ව්‍යාපෘතියේ යෙදී සිටි අසූවකට අධික පිරිසක් පසුගිය වසර කිහිපය ඇතුළත ඝාතනයට ලක්වුණා.

පෝලියෝ එන්නත් ලබා දීමේ මුවාවෙන් මුස්ලිම් විරෝධී කුමන්ත්‍රණ සිදු කරන බවට ඉස්ලාමීය කැරලිකරුවන් චෝදනා කරනවා. මේ හේතුවෙනුයි පාකිස්ථානය තුල පොලියෝ රෝගය තුරන් කිරීමේ කටයුතු සදහා භාධා කිරීම් සිදුවන්නේ.

පෝලියෝ රෝගය වසංගතයක් ලෙස දැනට ලෝකයේ පවතින්නේ පකිස්තානයේ සහ අසල්වැසි ඇෆ්ගනිස්තානයේ පමණයි.

 

Leave a Reply

Your email address will not be published.