බස්නාහිර පළාත් සභා මන්ත්‍රීවරු 2 ක් බන්ධනාගාරයට

පොලිසියට භාරවීමෙන් පසු මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ බස්නාහිර පළාත් සභා මන්ත්‍රීවරුන් දෙදෙනෙකු ලබන 28 තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. කොළඹ – මීගමුව ප්‍රධාන මාර්ගය සහ දුම්රිය මාර්ගය කුරණ, ගල්කන්ද ප්‍රදේශයෙන් අවහිර කර උද්ඝෝෂණයේ නිරත වෙමින් මහජන පීඩා සිදු කිරීමේ චෝදනා මතයි ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ.

රථ වාහන දඩ මුදල ඉහළ නැංවීමේ යෝජනාවට එරෙහිව පසුගිය දෙසැම්බර් 02 වනදා අදාළ උද්ඝෝෂණය පැවැති අතර උද්ඝෝෂකයින් විසුරුවා හැරීම සඳහා පොලිසියට කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීමට ද  සිදු වුණා.

පසුව උද්ඝෝෂණයට සම්බන්ධ පුද්ගලයින් පිරිසක් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

උද්ඝෝෂණය මෙහෙයවීම සම්බන්ධයෙන් පළාත් සභා මන්ත්‍රීවරුන් වන ආනන්ද හරිස්චන්ද්‍ර සහ ලලන්ත ගුණසේකර යන මන්ත්‍රීවරුන්ට ද වරෙන්තු නිකුත් කර තිබූ අතර ඔවුන් අද පොලිසියට භාරවී ඇති බවයි වාර්තා වන්නේ.

Leave a Reply

Your email address will not be published.