බස්නාහිර පොලිස් ස්ථාන සියල්ල සීරුවෙන්

බස්නාහිර පළාතේ  පොලිස් ස්ථාන සියල්ලම අද (13) සවස් කාලයේ සිට සීරුවෙන් තැබීමට නියෝගයක් නිකුත් කර තිබෙනවා. බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ මහතා මෙම නියෝගය නිකුත් කර ඇතැයි ජේෂ්ඨ පොලිස් නිලධාරියකු කියා සිටියා.

සාමාන්‍යයෙන් පොලිසිය මෙසේ සීරුවෙන් තබන්නේ හදිසි අවස්ථාවකට මුහුණදීම සඳහායි. එවැනි අවස්ථාවකදී පොලිස් නිලධාරීන්ගේ නිවාඩුද අවලංගු වනවා.

කෙසේ වෙතත් බස්නාහිර පළාතේ සියළු පොලිස් ස්ථාන සීරුවෙන් තැබීමට හේතුවක් මෙතෙක් අනාවරණය වී නැහැ.

Leave a Reply

Your email address will not be published.