බිරින්දෑවරු 130 කට සැමියා වූ මුස්ලිම් පූජකයා මිය යයි

නයිජීරියාවේ බිරින්දෑවරු 130 දෙනෙකුට සැමියා වූ මුස්ලිම් ධර්මදේශකයෙකු අනූ තුන්වන වියේ දී මිය ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. රෝගාතුරව සිටි බාබා මසාබා නමින් ප්‍රකට මොහොමඩ් බෙලෝ අබුබාකර් මධ්‍යම නයිජීරියාවේ සිය නිවසේදීයී මෙලෙස මියගොස් ඇත්තේ. කෙසේ වෙතත් නයිජීරියාවේ ඩේලි ට්‍රස්ට් පුවත්පත වාර්තා කළේ බිරින්දෑවරු අසූ හය දෙනෙකු සිටීම සම්බන්ධයෙන් 2008 වසරේ විශාල මාධ්‍ය ආකර්ෂණයක් හිමිකරගත් බාබා මසාබාට මිය යන විට බිරින්දෑවරු එකසිය තිහක් සිටි බවයි.

ඉන් ඇතැම් බිරින්දෑවරු මේ වන විට ගර්බනී තත්වයේ පසු වන බවද වාර්තාවේ සඳහන්.

මිය යන විට බාබා මසාබාට දරුවන් එකසිය හැත්තෑවකට අධික ප්‍රමාණයක් සිටි බව පවසන ඩේලි ට්‍රස්ට් පුවත්පත වැඩි දුරටත් කියා සිටියේ ඊට අමතරව දරුවන් දෙසිය තුනක පිරිසකට පීතෘභාවය පිළිගැනීම ප්‍රතික්ෂේප කොට ඇති බවයි.

2008 වසරේ බිරින්දෑවරු සිය ජීවිත අත්දැකීම් විස්තර කරමින් කියා සිටියේ සිය ලෙඩ රෝග වලට ප්‍රතිකාර ලබා ගැනීමට තමන් බාබා මසාබා වෙත ගිය අතර ඔහු සිය ලෙඩ රෝග සුව කළ බවයි.

Leave a Reply

Your email address will not be published.