බිරිය බිය කොට දැරිය දුෂණය කළ පානදුරේ අමන මාමා.

ඇය පානදුර ප්‍රදේශයේ 17 වියැති යුවතියකි.සිය පියා මිය යෑමෙන් අනතුරුව මව විසින් ඇයව මිත්තනිය බාරයට පමුණුවා ඇත .ඒ ඇයට මෙම යුවතිය රැක බලාගැනීමට නොහැකි බව පවසමින්.මිත්තනිය ජීවත්ව සිට ඇත්තේ දැරියගේ මාමා සහ නැන්දා සමගයි.

මේ අතර පසුගිය දිනයෙක අධික රුධිර වහනයක් මුල් කොට එම යුවතිය රෝහල් ගත කරන ලදී. එහිදී එම තත්වය පිළිබඳව විමසා සිටි වෛද්‍යවරුන්ට ඇය පවසා ඇත්තේ මෙබඳු කතාවක්.

“මම ඒ ගෙදර නතර වෙන්න ආවට පස්සේ මාමාට මාව ඕනේ වුණා. මාමා හොරෙන් ම‍ගේ ළඟට එන්න උත්සාහ කළත් මම ඒකට කැමති නොවී ඒ බව නැන්දාට කිව්වා; මම හිතුවා එතැනින් ඒ කරදරය ඉවර වෙලා මට ඒ ගෙදර නිදහසේ ඉන්න ලැබේවි කියලා; ඒත් මාමා තාමත් මට එහෙම කරදරයක් කරන බව නැන්දා ඉස්සරහ පිළි අරගෙන නැන්දාගේ දැනුවත් කම උඩම මාව බලහත්කාරයෙන් එයාගේ කාමරේට ගත්තා; ඒකට විරුද්ධ වුණාම නැන්දාට ගහන්න පටන් ගත්තා; පස්සේ නැන්දාත් මාමාට ඉඩදීලා බයටම නිකම් හිටියා. ඊට පස්සේ මාමා මට දිගින් දිගටම හිතේ හැටියට මට අතවර කළා.

දැරියගේ ප්‍රකාශයට අනුව තම මාමා විසින් වරින් වර දූෂණය කරනු ලැබීම නිසා ඇය ගැබ් ගෙන ඇත. එවිට එම මාමා නැන්දාගේ ද දැනුවත්කම යටතේම ප්‍රදේශයේ ත්‍රීරෝද රථ රියැදුරකුගේ මඟ පෙන්වීම මත පානදුර ප්‍රදේශයේ ගබ්සා මධ්‍යස්ථානයක දී ඇයට ගබ්සාවක් සිදු කර තිබේ. යුවතියට මෙලෙස අධික රුධිර වහනය වන්නට පටන්ගෙන ඇත්තේ ඉන් පසුවයි..

කෙසේ හෝ රෝහල මගින් මෙම පුවත පොලිසියට සැලකිරීමත් සමඟ එම මාමා – නැන්දා දරු දෙදෙනාද සමඟ තමන් පදිංචිව සිටි නිවසින් අතුරුදන්ව ඇති බව වාර්තා වනවා. එහෙත් උතුරු කළුතර පොලිසිය විසින් එම දැරියගේ මිත්තනිය, එම ගබ්සාව සිදුකල පුද්ගලයා සහ ඔවුන් ගබ්සාවට යොමු කළ ත්‍රිරෝද රථ රියදුරා අත්අඩංගුවට ගෙන ඒ සම්බන්ධ වැඩිදුර පරීක්ෂණ දියත් කිරීමට කටයුතු කරමින් සිටිනවා.

Leave a Reply

Your email address will not be published.