බෝට්ටුවක් පෙරලී 100 කට අධික පිරිසක් මිය යයි

ඊජිප්තු මුහුදේ දී යාත්‍රාවක් පෙරළී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. ඉන් මගීන් 100 කට අධික පිරිසක් මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ. සංක්‍රමණිකයන් 550ක් මෙහි ගමන් කර තිබෙනවා. ඉන් මගීන් 42 කගේ සිරුරු හමුවී ඇතැයි සදහන්.

බෝට්ටුවේ ගමන්ගත් 162 කගේ ජීවිත බේරා ගෙන තිබෙනවා. මෙම බෝට්ටුවේ සේවය කළ කාර්ය මණ්ඩලයේ 4 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට ද පියවර ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ.

 

Leave a Reply

Your email address will not be published.