භික්ෂුන් සියක් නමක් යාපනයට වඩියි

යාපනය ප්‍රදේශයේ රෝහල්වල මේ දිනවල පවතින උග්‍ර ලේ හිඟය හේතුවෙන් බෞද්ධ භික්ෂුන් වහන්සේ සියක් නමක් ඊයේ (25දා) කොළඹ සිට ලේ පරිත්‍යාග කිරීමට යාපනය මහ රෝහලට වැඩම කළා. උන්වහන්සේලා යාපනය මහ රෝහලට ලේ පරිත්‍යාග කිරීමට වැඩම කරන ලද්දේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියන්ගේ මූලිකත්වයෙන්. ලේ පරිත්‍යාග කිරීමේ පුණ්‍ය කර්මයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ අභයතිස්ස හිමියන් පැවැසුවේ තමන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය ලේ පරිත්‍යාග කිරීමට යාපනයට වැඩම කරන ලද්දේ යාපනය මහ රෝහලේ ලේ හිඟයක් පවතින බව මාධ්‍ය මඟින් දැනුවත් කිරීමෙන් අනතුරුව බවයි. සියලු සත්ත්වයන් නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා යන බුදු වදනට අනුව කටයුතු කරමින් මේ ලේ පරිත්‍යාගය සිදුකළ බවද අනතුරකට හෝ රෝගී බවකට පත්වූ අයකුට උදවු උපකාර කිරීමට ඔහුගේ ජාතිය, ජන්මය හෝ කුලය පිළිබඳව විමසිය යුතු නොවන බවද අභයතිස්ස හිමියන් වැඩිදුරටත් පැවසුවා.

 

One thought on “භික්ෂුන් සියක් නමක් යාපනයට වඩියි

  • January 8, 2018 at 3:04 pm
    Permalink

    අනුව කටයුතු කරමින් මේ ලේ පරිත්‍යාගය සිදුකළ බවද අනතුරකට හෝ රෝගී බවකට පත්වූ අයකුට උදවු උපකාර කිරීමට ඔහුගේ ජාතිය, ජන්මය خريد اينترنتی لباس හෝ කුලය පිළිබඳව විමසිය යුතු නොවන බවද අභයතිස්ස හිමියන් වැඩිදුරටත් පැවසුවා.

    Reply

Leave a Reply

Your email address will not be published.