මහින්දගේ සහ ගෝඨාභයගේ ප්‍රජා අයිතිය අහෝසියි ?

හිටපු ජනාධිපති මහින්ද රජපක්ෂ සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය යන මහත්වරුන්ගේ අයගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීම සඳහා කුමන්ත්‍රණයක් දියත් වෙමින් පවතින බව පැවිදි හඬ සංවිධානය පවසනවා. ඒ සඳහා විවිධ ස්වරූපයෙන් ආණ්ඩුව කටයුතු කරමින් සිටින බව නාරාහේන්පිට අභයාරාමයේ පැවැති මාධ්‍ය හමුවකදී එම සංවිධානයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ පැවසුවා. රටට සහ ජනතාවට ආණ්ඩුව සිදු කරනු ලබන අඩන්තේට්ටම්වලට කම්පා වූ ස්වභාවධර්මය පවා මේ වන විට වෙනස් වෙමින් පවතින බවත් එහි ප්‍රතිඵලයන් ලෙස නියඟය,ජල හිඟය, ආහාර හිඟය ආදී ගැටලු රැසක් නිර්මාණය වී ඇති බවත් උන්වහන්සේ පෙන්වා දුන්නා.

“දැන් මේ ආණ්ඩුවට එරෙහිව කටයුතු කරන්න ඕන කාලය උදාවෙලා. තවදුරටත් නිහඬව, උකටලීව, තෘෂ්ණීම්භූතව සිටිය යුතු නැහැ. මේ දඩබ්බර ආණ්ඩුව එළවා දැමිය යුතුයි. සදාචාරාත්මක නොවන සමාජය, සංස්කෘතිය, ආගමික ලෙස රටම කාබාසිනියා කරන තැනකට මේ ආණ්ඩුව පත්වෙලා. මම ජනාධිපතිවරයාට කියනවා, ඇයි? ඔබ මේ නිහඬ වෙලා කියලා. නිහඬව සිටියා ඇති. ඔබට තියෙන බලතල ගැන කල්පනා කරලා මේ රට ගැන කල්පනා කරලා කටයුතු කරන්න සූදානම් වෙන්න. ඔබ තවදුරටත් අගමැතිගේ ප්‍රාණ ඇපකරුවෙක් වෙන්නේ ඇයි? ජනතාව ගැන හිතලා දැන්වත් සෘජු තීරණයක් ගන්න කියලා. අතුරලියේ රතන හිමියන් කියනවා උන්වහන්සේ ස්වාධීන වුණා කියලා. මේක මාර ස්වාධීනත්වයක්. උන්වහන්සේගේ ඉතිහාසය මම මතක් කරන්න අකැමැතියි. රතන හිමියන් මුලින් පාර්ලිමේන්තුවට ගියේ ධර්ම රාජ්‍ය බිහි කරන්න. කෝ බිහි කළාද? ගංගොඩවිල සෝම හිමියන්ට පින්සිද්ධ වෙන්න පාර්ලිමේන්තුවට ගියා. උන්වහන්සේ ස්වාධීන වෙලා මේ රටේ ජනතාව මුළා කරන්න හදනවා.”

Leave a Reply

Your email address will not be published.