මහින්ද යලිත් මග අරී – ඉතිහාසයේ පළමු වරට අය වැයට වෙච්ච දේ

අය වැය තෙවන වර කියවීම පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 110න් සම්මත වුණා. අය වැයට පක්ෂව ඡන්ද 165ක් ලැබුණු අතර විපක්ෂ ලැබුණේ ඡන්ද 55ක්. යහපාලන ආණ්ඩුවේ හවුල්කාර පක්ෂවල එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රීලනිපයේ පිරිසක් ඊට පක්ෂව ඡන්දය ලබාදුන් අතර, ඒකාබද්ධ විපක්ෂය හා ජනතා විමුක්ති පෙරමුණ අය වැයට විරුද්ධව ඡන්දය ලබාදුන්නා.

ඡන්දය දීමට නොපැමිණ සිටි සංඛ්‍යාව 4 ක්. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාත් ඒ අතරට එක්වෙමින් ඡන්දය විමසන අවස්ථාවේ නොසිටීම කැපී පෙනුණා. අය වැය තෙවන කියවා සම්මත කිරීමට පෙර විපක්ෂයේ ඉල්ලීම මත මුදල් අමාත්‍යංශයේ වැය ශීර්ෂය සඳහා ද ඡන්ද විමසීමක් සිදුකෙ‍රුණු අතර සංශෝධන සහිතව එය සම්මත වුණා.

මේ අතර විද්‍යුත් ක්‍රමයට ඡන්දය පැවැත්වීම සඳහා සැකසූ පද්ධතියෙන්ද අත්හදා බැලීමක් ලෙස ඡන්ද විමසීමක් සිදුකරනු ලැබුවා. එය ඉතිහාසයේ පළමු වරට මෙරට තුල සිදුකළ අත්හදාබැලීමක්.

2 thoughts on “මහින්ද යලිත් මග අරී – ඉතිහාසයේ පළමු වරට අය වැයට වෙච්ච දේ

  • December 12, 2016 at 11:04 am
    Permalink

    මරා දැන් රෙද්දේ ගූ ගිහින් ඉන්නේ. ආණ්ඩුව ඌට ගේම දෙන්නේ 2020 කිට්ටු වෙනකොට. එහෙම නොකලොත් අපේ රටේ එවුන්ට අතීතය අමතක වෙනවා.

    Reply
  • September 25, 2017 at 7:07 am
    Permalink

    Thanks , I have recently been searching for information about this subject for ages and yours is the best I have discovered so far. But, what about the bottom line? Are you sure about the source?

    Reply

Leave a Reply

Your email address will not be published.