මහ ඇමති නිවසේ වෙඩි නොවදින නාන කාමර

වෙඩි නොවදින නාන කාමර, 250 දෙනෙකුට අසුන්ගත හැකි සිනමාහලක් මෙන් ම 500 දෙනෙකුට සෑහෙන රැස්වීම් ශාලාවක් ද එම නිවසේ අංගෝපාංග අතරට අයත් වනවා. මහ ඇමතිවරයාගේ සුවිශේෂ පූජකයා විසින් නව නිවස ආශීර්වාද ගන්වා ඇතැයි සදහන්.

දකුණු ඉන්දීය තෙලංගානා ප්‍රාන්ත මහ ඇමති නව නිවාසයකට පිවිසීම ප්‍රාන්තවාසීන්ගේ අප්‍රසාදයට තුඩු දෙන කරුණක් බවට පත්ව ඇත්තේ ඒ හේතුවෙන් බවයි වාර්තා වන්නේ. මහ ඇමති කේ. චන්ද්‍රෙසේකර් රාඹ් ගේ නිවස අමෙරිකානු ඩොලර් ලක්ෂ 73 ක බරක් බදු ගෙවන්නන් මත පටවා ඇති බව සදහන්.

Mr Rao moving into the house

 

පැරණි හින්දු සම්ප්‍රයික වාස්තු පිළිබඳ දැඩිව විශ්වාස කරන්නෙකුවන මහ ඇමති රාඕ ‘ප්‍රගති භවන්’ ලෙස නම්කොට ඇති සිය නව නිවස ඉදිකිරීමේදී වාස්තු විශේෂඥයින්ගේ දැඩි උපදෙස් පිළිපැද තිබෙනවා. ප්‍රාන්ත මහලේකම් කාර්යාල සංකීර්ණයේ වාස්තු ස්වභාවය ප්‍රාන්තයට අසුබ යැයි පවසමින් එය කඩා බිඳ දැමීමට චන්ද්‍රසේකර් රාඕ දැරූ උත්සාහයක්ද මීට පෙර පැවතියා.

Pragathi Bhavan at night

 

වසර ගණනාවක සිට ගෙනයන ලද වෙනම ප්‍රාන්තයක් බවට පත්වීමේ ව්‍යාපාරයක ප්‍රථිඵලයක් ලෙස, තෙළුගු බස කතාකරන බහුතර ජනයාගෙන් සමන්විත තෙලංගානා භූමි ප්‍රදේශයට 2014 වසරේදී ඉන්දියාවේ ප්‍රාන්තයක තත්ත්වය පිරිනැමුණා.

One thought on “මහ ඇමති නිවසේ වෙඩි නොවදින නාන කාමර

  • November 26, 2016 at 11:54 pm
    Permalink

    මරා තව ටිකකාලයක් හිටියා නම් ප්‍රයිවෙට් එයාපෝට් එකක් සහිත මාලිගාවක් ගහනවා.

    Reply

Leave a Reply

Your email address will not be published.