මහ මග යෝධ ප්‍රචාරක පුවරුවක නිල් චිත්‍රපටයක්

ඉන්දුනීසියාවේ මහා මාර්ගයක් අසල ඉදි කර ඇති යෝධ ප්‍රචාරක පුවරුවක අසභ්‍ය ලිංගික චිත්‍රපටයක් ප්‍රදර්ශනය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ජකර්තා නුවර ඇති මෙම ප්‍රචාරක පුවරුව පරිගණක මාර්ගයෙන් පාලනය වෙන අතර ඊට අදාළ රහස් අංක සොයා ගනිමින් අනවසරයෙන් මෙම අසභ්‍ය දර්ශන එක් කර ඇතැයි සදහන්.

තොරතුරු තාක්ෂණ විශ්ලේෂකයෙකු වන විසි හතර හැවිරිදි තරුණයා වරද පිළිගෙන ඇති අතර ඊට සය වසරක් දක්වා සිර දඬුවම් ලබාදිය හැකි බවයි වාර්තා වන්නේ.

විනාඩි පහක් පමණ මෙම අසභ්‍ය වීඩියෝව ප්‍රදර්ශනය වී ඇති අතර එය නවතා දැමීමට විදුලිය විසන්ධි කිරීමට සිදු වී තිබෙනවා. කෙසේ නමුත් එම කෙටි කාලය තුළ බොහෝ දෙනෙකු මෙම දර්ශනය තම ජංගම දුරකථනය ඔස්සේ පටිගත කර සමාජ මාධ්‍ය ජාලාවන්ට එක් කර ඇතැයි සදහන්.

මුස්ලිම් බහුතරයක් වෙසෙන ඉන්දුනීසියාවේ අසභ්‍ය වීඩියෝ සහ වෙබ් අඩවි නීතියෙන් තහනම්.

One thought on “මහ මග යෝධ ප්‍රචාරක පුවරුවක නිල් චිත්‍රපටයක්

  • October 6, 2016 at 10:39 am
    Permalink

    මාත් මේ තාක්ෂණය දන්නවනම් දෙනව ගේමක් අපේ රටේ උන්ටත් පොඩි ආතල් එකක් ගන්න.. යකෝ හොරෙන් බලන උන්ට නිදහසේ බලන්න දුන්නහම මොකද ?

    Reply

Leave a Reply

Your email address will not be published.