මානව ඉතිහාසයේ රිටකින් වැඩිම උසක් පැන්න මිනිසා

සෝවියට් රුසියාවේ වොරශිලොව්ගාඩ් ප්‍රදේශයේ සිටි දක්ෂතම පුහුණුකරු වුනේ විටාලි පෙට්රොව්. ඔහු සාම්ප්‍රධායෙන් තොරව ක්‍රීඩකයින්ගේ දක්ෂතා හදුනාගැනීම සදහා තුල ඉසව් ලබාදීමට උපන් හපන්කම් දැක්වූ පුහුණුකරුවෙක් වුණා.

ඔහු යටතට පුහුණුවීම්වලට එන යොවුන් ක්‍රීඩකයින් අතර විශේෂ චරිතයක් කෙරෙහි පෙට්රොව් අවධානය යොමුකර තිබුණා. ඒ එවකට ප්‍රදේශයේ හොදම කෙටිදුර ධාවනයේ සහ දුර පැනීමේ ශූරයා වූ සර්ජි කෙරෙහියි. ඔහුගේ උස සහ වේගය කගවේනා සිහිපත්කරන බවයි මිතුරන් පැවසුවේ. කෙසේ වෙතත් මෙම තරුණයාට පුහුණුකරුගෙන් කැදවීමක් ලැබුණෙ පෞද්ගලිකව කථාබහ කල යුතු බව පවසමින්. කිසිදාක එවැන්නක් සිදු නොවූ නිසාම මෙය විශේෂ හමුවක් විය හැකි බව සර්ජිට තේරුම් ගියා.

සර් මට එන්න කිව්වෙ…

මට හිතෙනව කොල්ලො ඔබට මේ ඉවෙන්ට් දෙකෙන් ගමනක් නෑ කියල…

ඇයි සර් එහෙම කියන්නෙ…. මමනෙ මේ පැත්තෙන්ම ඉන්න හොදම ස්ප්‍රින්ට… සර් කිියනව නම් මම තව කැපවෙලා පුහුණුවීම් කරන්නම්..

නෑ නෑ.. මම කිව්වෙ ඉවෙන්ට් එක වෙනස් කළොත් මට හිතෙනව මීට වඩා ගමනක් සර්ජිට තියෙයි කියල…

සර් කියන්නෙ මොන ඉවෙන්ට් එක ගැනද ?

එක අපි කථානොකර බලලම ඉමු… මෙහෙට එනවකො…

සර්ජිව කැදවාගෙන යන පෙට්රොව් අතට දෙන්නෙ රිටක්…

සර් මම කවදාවත් රිට පැනල නෑ…

අපි කවුරුත් එහෙම තමයි සර්ජි… හැමදේම අත්හදා බලන්නත් ඉගෙන ගන්නත් ඕන… එතකොට තමයි හොදම දේ හම්බවෙන්නෙ..

ගුරුවරයට පිස්සුද කියත් සර්ජිට හිතුන.. ඒත් කවදාවත් පෙට්රොව් වැරදි දෙයක් කියල නෑ. ඉතින් මේකත් කරන්න හිත හදාගන්නව..

සර්ජි රිට පනිනව බලන්න පිට්ටනියෙ ඉන්න සියළුදෙනාම එන්නෙ / වෙන්න යන්නෙ අරුම පුදුම දෙයක් හින්දයි. හොදම කෙටිදුර ධාවකයා රිටක් අරන් දුවනව…

මේ විදිහට රිට අතට ගත්ත සර්ජි ඉතා කෙටි පුහුණු කාලයකින් පස්සෙ 1983 වසරේ පින්ලන්තයේ හෙල්සින්කි හි පැවති ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියට ඉදිරිපත්ව රිට පැනීමේ ඉසව්වේ රන් පදක්කම දිනා ගන්නව. මීටර් 5 යි සෙන්ටිමීටර් 75 ක් එහිදී ඔහු තරණය කරනවා.

සර් මම දින්න… සර් මම දින්න…

දැන් ඉතින් උඹ රිටේ විතරක් එල්ලිල හරියන්නෙ නෑ.. හීනවලත් එල්ලියන්.. උඹේ හොදම ප්‍රතිවාදියා උඹමයි… කොල්ලො මේ ආරම්භය විතරයි… දැන් අපි මෙතන ඉදන්ම කරන්න පුලුවන් සියළු කැපවීම් ඉවෙන්ට් එකට කරන්න ඕන…

මේ විිදිහට තමන්වම අභියෝගයට ගත්ත සර්ජි බුක්කා නම් අසහාය ක්‍රීඩකයා ලොව මෙතෙක් කිසිවකුත් නොකැඩූ වර්තාවන් සිය නම ඉදිරියෙන් සටහන් කරගන්න සමත්වෙනවා.

1984 වසරෙදි රිටි පැනීමේ ඉසව්වේ ලෝක වාර්තාව සිය නම ඉදිරියේ සටහන් කරගන්න සර්ජි බුක්කා එහිදී මීටර් 5 යි සෙන්ටිමීටර් 85 ක් තරණය කරනවා. සතියක් තුල එය මීටර් 5 යි සෙන්ටිමීටර් 88 ක් ලෙසත් මාසයක් තුල මීටර් 5 යි සෙන්ටිමීටර් 90 ක් ලෙසත් වර්ධනය කරනවා.

මානව ඉතිහාසයේ පළමු වරට රිටක් උපයෝගී කරගනිමින් මීටර් 6 කට වඩා ඉහළ ගිය පළමු වැන්නා බවට පත්වූ සර්ජි බුක්කා ලොව පුරා කථාබහට ලක්වන ක්‍රීඩකයා බවට පත්වනවා. එතැන් සිට ඇරඹි ලෝක වාර්තා බිද හෙලීමේ ලෝක වාර්තාව සිය නම ඉදිරියෙන් සටහන් කරගන්නා ඔහු සිහින සමගම එල්ලෙන්නට පටන් ගන්නවා.  තිස් පස් වතාවක් ලෝක වාර්තාව බිද හෙලන සර්ජි බුක්කා රිට අතට වසර 10 ක් ගතවන 1994 වසරේදී ඉහළම දක්ෂතාව සටහන් කරන්නේ මීටර් 6 යි සෙන්ටිමීටර් 14 ක් තරණය කරමින්.

තම ක්‍රීඩා ජීවිතයෙදි අඛන්ඩව අට වතාවක් ලෝක මලල ක්‍රීඩා ශූරතාවලියේදී සිය ඉසව්වේ රන් පදක්කම දිනා ගන්නා ඔහුතැබූ වාර්තාව අදටත් කිසිවකුත් බිද හෙලා නැහැ.

කෙසේ වෙත්ත ඔලිම්පික් ක්‍රීඩා තරගාවලි නම් ඔහුට එතරම් වාසනාවන්ත වන්නේ නැහැ. සිය ක්‍රීඩා ජීවිතය තුල සර්ජි බුක්කා දිනා ඇත්තේ එක් ඔලිම්පික් රන් පදක්කමක් පමණයි. ඒ 1988 වසරේදීයි. 1992 ඔලිම්පික් තරගාවලියේදී සිය උත්සාහයන් තුනම අසර්ථක වුන බුක්කා 1996 ඔලිම්පික් තරගාවලියේදී ආබාදයකට ලක්වනවා. 2000 ඔලිම්පික් තරගාවලියේදී ද ඔහුට සිය උත්සාහයන් තුනම සාර්ථක කරගන්නට හැකිවන්නේ නැහැ.

කෙසේ වෙතත් මේ වන විටත් ලොව පුරා යමින් තමන් මෙන්ම දක්ෂයින් බිහි කිරීම සදහා කටයුතු කරමින් සිටින සර්ජි බුක්කා ශ්‍රී ලංකා සංචාරයකට එක්වන්නේ අන්තර්ජාතික මලල ක්‍රීඩා සංගමයේ නියෝජිතයකු ලෙසයි.

සර්ජි බුක්කා සියළු ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙත පෙන්වා දි ඇත්තේ කැපවීමෙන් සිහින පසුපසු එල්ලීම සාර්ථකත්වයේ මාවත බවයි.

 

 

 

10 thoughts on “මානව ඉතිහාසයේ රිටකින් වැඩිම උසක් පැන්න මිනිසා

  • July 21, 2017 at 4:53 pm
    Permalink

    I visited various sites however the audio quality for audio songs existing at this website is really superb.

    Reply
  • July 21, 2017 at 4:53 pm
    Permalink

    This post is truly a good one it helps new net viewers, who are wishing in favor of blogging.

    Reply
  • July 21, 2017 at 4:53 pm
    Permalink

    Simply want to say your article is as astonishing. The clearness for your publish is simply nice and that i can suppose you are an expert in this subject. Well along with your permission let me to seize your feed to stay up to date with coming near near post. Thanks 1,000,000 and please keep up the gratifying work.

    Reply
  • July 21, 2017 at 4:53 pm
    Permalink

    Undeniably consider that which you stated. Your favorite justification seemed to be on the net the easiest thing to take note of. I say to you, I certainly get irked while other folks think about issues that they plainly do not understand about. You controlled to hit the nail upon the top and also defined out the entire thing with no need side-effects , people could take a signal. Will likely be again to get more. Thanks

    Reply
  • July 25, 2017 at 12:50 pm
    Permalink

    Hi there! I could have sworn I’ve been to this website before but after browsing through some of the post I realized it’s new to me. Anyhow, I’m definitely happy I found it and I’ll be book-marking and checking back often!

    Reply
  • August 1, 2017 at 3:33 pm
    Permalink

    What i do not realize is actually how you’re no longer actually a lot more neatly-liked than you may be right now. You’re so intelligent. You know therefore considerably relating to this subject, made me for my part believe it from numerous numerous angles. Its like women and men aren’t interested until it’s something to do with Lady gaga! Your own stuffs excellent. At all times care for it up!
    view my blog http://fmmekelle.com/?option=com_k2&view=itemlist&task=user&id=275235

    Reply

Leave a Reply

Your email address will not be published.