මාලිංගට IPL අහිමිවේවිද?

2018 IPL තරඟාවලිය සඳහා ක්‍රීඩක වෙන්දේසිය ඊයේ වගේම අදත් සිද්ධ වෙනවා. මේ වෙන්දේසියට ලංකාවෙන් ක්‍රීඩකයන් 18 දෙනෙක්ගේ නම් අැතුලත් වෙලා තියෙනවා. එ් අතරට මුම්බායි ඉන්දියන්ස් පිලෙන් ඉවත් කරපු ලසිත් මාලිංගත් අැතුළත්.

IPL වෙන්දේසියේ පළමු වටය ඊයේ පැවැත්වුනා. එහිදී ලසිත් මාලිංග සහ ක්‍රිස් ගේල්ව කවුරුවත්ම මිලදී ගත්තේ නෑ. ලසිත් මාලිංග කියන්නේ IPL ඉතිහාසයේ සුපිරිම පන්දු යවන්නා. එ් වගේම IPL ඉතිහාසයේ වැඩිම කඩුලු ලාබියාත් ඔහුයි. IPL ඉතිහාසයේ වැඩිම ලකුණු ලාබියා ක්‍රිස් ගේල්. ඔහුවත් වෙන්දේසියේ පළවෙනි වටයෙන් කිසිම කණඩායමක් මිලදී ගත්තේ නෑ.

අද IPL ක්‍රීඩක වෙන්දේසියේ දෙවෙනි වටය පැවැත් වෙනවා. මේ දක්වා ලංකාවේ කිසිම ක්‍රීඩකයෙක් වෙන්දේසි නොවීමත් විශේෂයක්.

Leave a Reply

Your email address will not be published.